Pages

හිත හදාගමි මම...

 මිය නොයමි මම
ජීවිතය තව දුර නිසා...
සතුට නොසොයමි
එය මට තහනම් නිසා...
නොහඩමි
හඩන්නට කදුළැල් නැති නිසා....
විදවන්නෙමි තවම
විදින්නට කිසිවක් නැති නිසා...
ඝණ අදුරට පෙම් බදිමි
ආලෝකය යළි නොඑන නිසා...
හිත හදාගමි මම
ලොවෙහි කිසිවක් නියත නැති නිසා...
යලි ආදරය නොසොයමි
මට කිසිවෙකුත් ආදරය නොකල නිසා...

එපා යළි පැමිණෙන්න....

දුක් වේවි ඔබ දිනෙක
මා අතැර ගිය පවට...
වැළපේවි නිසැකවම
වියෝ ආදර දුකට...
කිසිවෙකුත් නැත මෙලොව
මා තරම් ඔබෙ හදට...
යළි ඒවි නිසැකවම 
එය පසක් වූ කලෙක...
දහසකුත් කදුළු පොදි
වගුරුවා සයන මත...
දැඩි කලෙමි දිරි අරන්
බිදී ගිය මගේ හද...
සැනසීම අත ළගය
මා තැනුව ඔබ නැතිව...
එපා යළි පැමිණෙන්න
සසර සරණා තුරුම...

කරුමයක්‌....

සිතලෙත් මේ නත්තලේ මට
උනුසුමක්‌ වගෙ දැනෙනවා
හිමිනැතත් අද දුර උනත් නුඹ
තවම හිත මගේ අහනවා

පෙර එදා අපි කී කතා අද
මතක්‌ වෙද්දිත් හැඩෙනවා
නුඹවෙලා මම මමවෙලා නුඹ
ඉන්න ඇත්නම් හැගෙනවා

දන්නවා මට අයිතිනැති බව
මතක්‌වෙන හැම වෙලාවකදිම
ඒත් ආදරේ කරන්නේ මම
කරුමයක්‌ ඇති තව ගෙවන්නට

මගෙ ආත්මය

 මතකද ඒ දවස් වල අපි ප්‍රාර්ථනා කරපු හීන... 
පොඩි පැටව් දෙන්නෙක් හදන්න..
එයාලට හොදට උගන්වන්න....
මං වගෙ ලස්සන දූ පැටික්කියෙකුයි
ඔයා වගෙ ලස්සන පුතෙකුයි හදන්න
අපි කොච්චර හීන මැව්වද ........
ඔයා වැඩ ඇරිල ගෙදර එද්දි
මන් බලාගෙන ඉන්නවා ඔයාට තේ එකක් හදාගෙන... ......
ඔය ඇස් දෙක මට මේ මුලු ලොකෙටම වඩා වටිනවා...
එත් අද ඒ හීන හැම එකක්ම බොද වෙලා අලු වෙලා ගිහින්...
පතපු හීන ආයෙ කවදාවත් සැබෑ වෙන්නෙ නැහැ නේද කියල දැන දැනත්
මම අදටත් ඒ හීන දැක දැක ජීවත් වෙන්නෙ
ඒ ආදරේ මට අමතක කරගන්න බැරි තරමට
මගෙ ආත්මෙත් එක්ක එකතු වෙලා තියෙන නිසා සුදු අයියෙ...
2011-12-15

නිමාවක් වූ පෙම ...

 ඔය සුසුම් තුල සිරවූ උණුසුම
විද ගන්නට තවත් වරක්....
වියැකුණු දෙතොල සිසිලසින්
තෙමන්නට මුව වතාවක්....
කැකෑරෙන ආදරය මුදා හරින්නට
පළමු පෙම වූ නිමාවක්....
එනවාද නුඹ දැක ගන්න
අතැර ගිය මා වතාවක්....

මම ජිවත් වෙන්නවා..

 ඔයා කියපු හැමදෙයක්ම මම කලා...
ඔයා අසායි කියන හැමදෙම අරන් දුන්න..
ඔයා කියන කියන තැනට එක්කන් ගියා...
ඔයාට මහා මෙරක් තරමට ආදරේ කලා
ඒ ආදරේ වැඩි කමට ඔයාගේ හිත රිද්දන්නේ 
නැතුව ආදරෙන් ‍රැක බලා ගත්තා....
මං දන්නේ නෑ අදටත් 
මගේ ආදරේ වෙනසක් ඔයාට දැනුනේ කොහොමද කියලා...
මං අතරමං වෙලා වගේ මට දැනෙනවා...
ඔයාත් මට ගොඩාක් ආදරෙන් හිටියා...
මම ඔයාව ගොඩාක් විශ්වාස කලා...
ලෝකයා මොනවා කිවුවත් 
මම ඔයා ගැන තිබුන විශ්වාසය නැති කර ගත්තේ නෑ 
ඒ..අනිත් අයට වඩා ඔයාව මම විශ්වාස කරපු නිසා..
එත් දවසක ඔයා ඒ විශ්වාසය කඩ කලා.. 
මම හිතුවේ නෑ වස්තුවේ ඔයා වෙනස් වෙයි කියලා...
මගේ ආදරේ අඩුවක් දැනුනේ කොහොමද 
මට අදටත් හිතා ගන්න බෑ එත්..
මගේ හිතේ ඇතිවෙච්ච ඒ ආදරේ 
කවදාවත් වෙනස් වෙන්නෙ නැ වස්තුවේ..
ඔයා මාගේ ලඟ දැන් නැති උනත්..
ඔයා මා ගව තියල ගිය ඒ අතිතය එක්ක 
මම ජිවත් වෙන්නවා..
ඔයාට කවදා හරි දවසක 
මා ගවට එන්න ඔනා වුනොත් එන්න....
ඔයා වෙනුවෙන් මම හැමදාම මඟ බලන් ඉන්නවා..

මගේ දෝත පුංචි වැඩියි.....

රෑ අහසේ දිදුලන තරු
එකතු කරන්නට හැදුවත්
මගේ දෝත පුංචි වැඩියි
තරු කැට බිම විසිරි යයි............
වනයේ තිබෙන මල් සියල්ල...
එක මිටකට එක් කළාට
දෝතට ගන්නට බැහැ මට
මල් තැලිලා පොඩි වී යයි..........
දුන්හිද ඇල්ලේ ජල කද
අල්ලා ගන්නට හැදුවත්
දිය දෝතක් ගන්නට බැහැ.........
ජල කද බිම විසිරි යයි
ඔබේ හදෙහි තිබෙන සෙනෙහෙ
රදවා ගන්නට හැදුවත්
මගේ දෝත පුංචි වැඩියි.........
දෝ‍ර ගලා විසිරී යයි...

නුඹ මගෙ වෙනවද ....?


 සමනළ තටු පිහාටුවෙන් 
දේදුනුවල පැහැය අරන් 
සුදු සිහිනෙක පාට ඔතන්
නැවත එන්න නුඹ රහසින් 
පියඹ යන්න අහස පුරා
රන්තරු මල් පිපෙන තුරා
ආදරයෙන් ලගට වෙලා
ඉන්නවාද මගෙම වෙලා 
සයුරු වෙරළ රළ මනින්න
නුඹගෙ උකුලෙ හිස තියන්න
අහසේ තරු කැට ගනින්න
නුඹ මාගෙම වෙලා ඉන්න 
හිස පිරිමැද අතගාන්න
නුඹෙ නළලට හාදු දෙන්න
මගෙ තුරුලේ හිස තියන්න
නුඹ මගෙ වෙනවද කියන්න

මං ගාව විතරයි....


හිතේ දාහක් බලාපොරොත්තු බිදිලා යද්දි
මට හිටිය එකම සැනසීම ඔයා
මං ඔයා ගාවට අවේ 
මේ තරම් දුක් විදින්න නෙවේ..
හැමදාම වගේ ඔයාගේ හිත ගාව 
මගේ සැනසිම තිබ්බා
එත් ඔයා දැන් වෙනස් වෙලා ..
හැමදාම වගේ මං අදත් තනිවෙලා
මගේ හිතේ දුක ගැන දන්නව නම්
ඔයා ආයේ මාව හොයාගෙන එනවා රත්තරන්
ඔයා මේ ලෝකේ කාත් එක්ක කොහොම හිටියත් 
එදා මගේ ලගින් ඉද්දි ආදරේ කලා වගේම මං ආදරෙයි..
ආයේ දවසක ඔයාට මාව හොයාගෙන එන්න වෙනවා..
ඔයා හොයන ආදරේ තියෙන්නේ මං ගාව විතරයි

නුඹේ සුසුම්....

ආදරය විතරක් දෙන්න...
යන්න එපා දුරක...
මට එන්න බෑ... 
ඇවිදන්...
ඔයාකාර දුවන හිත පස්සෙන්..
මං පව්... 
ඔයා දුවන දුවන හැම වාරයක් ගානේ... 
මගේ මේ වාරැ නැති... 
ආදරයත් රැගෙන ඔයා ලගට දුවගෙන එනවා...
ඒ මගේ ජීවිතේට...
මගේ ආත්මෙටම...
හයියක් වෙන්න කියලා...
ඒත් ඔයා මාව දාලා ආයෙත් දුවනවා...
මම එනවා..
ඒ ආදරේ නිසා.

ඔය දුවන දුවන තැන්වල 
ආදරණීය බවක් නෑ කියලා...
හැමතැනකම ඔයා රැවටෙනවා විතරයි කියලා
තේරැම් ගන්නැත්තේ ඇයි...
ඔයා රැවටෙන වාරයක් ගානේ 
මමයි අඩන්නේ...
ඒ ඔයාගේ ඒ හැම සුසුමකම 
මම ඉන්නවා කියලා මම හිතන නිසා... 

මගේ ආදරේ ඔයා‍ නෙමෙයි කියලා 
ඔයාට ඉතින් කියන්න පුළුවන්ද...
ඔය ඇස් දෙක ඇරලා බලන්න....
මේ දුක් විදින හදවතේ අමාවක රැය... 
හැකිනම් සරසන්න...
බලාගෙන ඉන්නම් මං....
මැරි මැරී ඉපදෙන
හදවත යලි පණගන්නට...
නුඹේ සුසුමින්...
වත්...

මට පොරොන්දු වෙන්න........

වර්ෂාවක් වෙලා ඔයා ආවා මගේ ජිවිතයට..
මගේ හීන මගේ ජිවිතේ මගේ ලෝකේ
ඔයා මගෙන් උදුරගත්තා
මොක්කද මං කරපු වරද ඔයාට..
ඔයා අද දකින මගේ හීන
ඔයාට කලින් මං දැක්ක එකද?
ඔයා වගේ මහ රෑ ඇහැරගෙන
මාත් කියව කියව හීනා වුන එකද?
මගේ පුන්චි ලෝකේ
ආදරෙන් පුරෝගත්ත එකද?
සත්තයි මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නේ
එකම එක දෙයයි..
ගැස්සෙන්න එපා..
ඔයාගෙන් මං එයාව ඉල්ලන්නැ..
මං ඉල්ලන්නේ එකම එක දෙයයි..
මං වදින්නම්......
මගේ ඒ අහිංසකයාට කවදාවත් දුකක් දෙන්නෙපා...
ඒ අහිංසකයව කවදාවත් තනිකරන්නැ කියලා
මට පොරොන්දු වෙන්න
                                 දිනූට....

දුක කියන්නට කෙනෙක් නෑ..........

දුක කියන්නට කෙනෙක් නෑතිදා
දුක ඈසූ නුබ අද මගේ
දුකට හිනෑහෙන්නේ......

වියලි කතරට වෑහි පොදක් ලෙස
...කඩාගෙන වෑටි නුබේ සෙනෙහස
මහා මේගයක් ලෙසින් හමා විත්
මට මාවත් නෑති කලේ කොහොමද.....

හදවත ඈවිලුනු අතීත දුක් ගිනි
සුවපත් කල පින නුබට අයිති මුත්
ප්‍රේමය මියගිය නුබ හද දෙවොලින්
හෙටක් පතන්නට හිතට වාරු නෑත....

ළග නැති ආදරය....


ඔබ නෑති ලෝකෙක ජීවත් වෙන්න....
හිත හදාගන්න හෑදුවට....
සිහිනෙකින් පවා දෑනෙන ඔය සුවදට සෙනෙහසට......
පපුව දොලොස් කඩකට කෑඩි යන වග...
ඔබට නොතේරුනාට මේ හිතට...හුගක් දෑනෙනවා.......
තවමත් මතකය අලුත් වෙද්දි....
ලග නැති ඔය ආදරය....
කදුලකින් නිමා වෙනවා.......

ඇගේ සිත .......


කෙනෙකුට ආදරේ කරත්
සිත දුන්නේ ඇයට උනත්
ඒ පිළිබඳ ඇගේ සිතේ කිසිදු වගක්
...නොම වේ නම්

කොතරම් එය විමසූවත්
ආදරේය පැවසූවත්
ඇගේ සිතේ ඔබ පිලිබඳ අදහසකුදු
නොම වේ නම්

සිතට නැගුන තරහවකින්
ඇතිවූ යම් සිත් තැවුලෙන්
වගක් නැතිව උමතු ලෙසින් ඈ වෙත
කරදර වේ නම්

සිතුවේ නුඹ කුමක් ලෙසින්
මෙලෙසට වැඩ කරුව ලෙසින්
සිතුවද නුඹ හැකිවේ යැයි ගන්නට
ඇගේ සිත සැනෙකින්

මම ඔයාට මාගේ ජිවිතය පුරාවටම ආදරේ කරනවා

මම කියන්න යන්නේ නෑ.. " කවදාවත් ඔයාව අඩවන්නේ නෑ කියලා "
නමුත් මම ඔයාව හිනස්සනවා ඔයාගේ කදුලු වේළෙන්නට කලින්..

මම කියන්න යන්නේ නෑ " මම කවදාත් බොරුවක් කියන්නේ නෑ කියලා "
මම එහෙම කලත් ඒකට හේතුවක් ඇතිවයි කරන්නේ කවදා හරි දවසක ඒකේ ඇත්ත පහදලා දෙනවා..
......
මම කියන්නේ නෑ.. " අපි කවදාවත් රණ්ඩු නොවි ඉමු කියලා "
ඒත් මට තේරුම් ගිය දවසක ඔයාගෙන් මම සමාව ඉල්ලන්නම්..

මම කියන්න යන්නේ නෑ.. " එකට ජිවත් විම අපේ ජිවිතයට හොදයි සතුටුයි කියලා "
ඒත් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න යද්දි මම ඔයාගේ ලගින් ම ඉන්නම්..

මට තවත් කියන්න තරම් දෙයක් නෑ..
මට තවත් ඔප්පු කරන්න තරම් දෙයක් නෑ..
නමුත් මතක තියා ගන්න..

මම ඔයාට මාගේ ජිවිතය පුරාවටම ආදරේ කරනවා..♥

එපා යළි හමුවන්න.......


එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ඟග...
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න...

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව…
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගළා යයි අතීතේ මිය ඇදුන සොහොන ලඟ...

ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැදෙනු ඇත...
සංසාරයේ යළිදු නවාතැන් සොය...
ඒ දවස් වල අපි රණ්ඩු වුණා
ඇයි ඒ...
‘‘ අරක කරන්නෙපා, මේක කරන්නෙපා,
අරෙහෙ යන්නෙපා.. මෙහෙ යන්නෙපා...
අරය එක්ක කථා එපා.. මම එයාට වැඩිය කැමති නෑ....ඉක්මනට ගෙදර යන්න....’’
ඔයා කිවුව...........

මම බැහැ දරුවො එහෙම කරන්න
මම මගේ රස්සාව කරන්න ඕන නෙ,
මම කෝමද ඒ අයත් එක්ක කථා නොකර ඉන්නෙ’’
ආදරෙන් මම කිවුව...

ඒත් ඔයාට තේරුණේ නෑ......

මම දේදුන්නක්... දේදුන්නට පාට හතයි ඒත් ඔයා කැමති කැමති වුණේ
මගේ පාට දෙකක ට නැත්නම් තුනකට

අනික් පාට අයින් කරන්න ඒවට මම කැමති නෑ........................
ඔයා එහෙම කිවුවත්

දේදුන්නකින් පාට අයින් කරන්න පුළුවන්ද?

ඒ නිසයි අපි ලොඩක් දවස්වලලට
රණ්ඩු වුණෙ.....

දේදුන්නක් කොහොමද තමන්ගෙ පාට අයින් කරනනෙ...
ඇයි ඔයා තේරුම් නොගත්තෙ.........අමතක කරන්නෙපා අපි ඉන්නෙ
කැරකෙන ලෝකෙක ලෝකෙ කැරකෙනව ඒ අපිවත් අරගෙන
හැබැයි අපි තේරෙන්නනෙ නෑ අපිට එක තැන ඉන්න බෑ...
කැරකෙනව....කැරකෙනව

ඒ විතරක් නෙමෙයි අමතක කරන්නෙපා
මේක ඇල වුණු ලොකයක් ඉතින් අපි කෝමද කෙලින් ඉන්නෙ

මට තනියෙන් මිනිස්සුන්ට ආදරේ උගන්වන්න බෑ....
ඔයාලත් එන්න.............





                                      
                                         දිගු දෑස දු‍ටුවාම.........
හැගෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව.......
ඔය හිතට අමතකද........
බිද දමා මගෙ සිහිනේ....
ඇයිද ඔබ හැංගෙන්නේ.....
මට දෙන්න මගෙ සිහිනේ....
ළග ඉන්න පෙර වාගේ.........
රෑ දිවා....හිත පුරා....
ඇවිළිලා මේ ගින්න.....
තරු පවා.......හඩනවා...
ඔබට නෑ තේරෙන්නේ........
හිතට හිත හිමි නැතිද........
අහනවා හිත මාගේ....
මට දෙන්න මගෙ සිහිනේ.....
ළග ඉන්න පෙර වාගේ........
පෙර එදා..හමු වෙලා....
වෙළුණු හැටි මුදු පහසේ.......
පෙනෙනවා.....දකිනවා....
නිහඩ රෑ දුර අහසේ.......
දුරම මිස ළග නැතිද......
අහනවා නෙතු මාගේ........
කවදාද ඔබ එන්නේ.......
නැතුවාද හමුවන්නේ..........






වරද මගෙයි..........


හැරදා යන්නට මග සළකුනු සොයනා
සුළන් ‍රැල්ලට වැට බදින්න බැරි හින්දා
බාධක පසෙක දමා
නිදහස් කරනෙමි දුක ඉවසා
පාවී ඈතට යන්න ගියා
බලාන ඉමි යළි එතැයි සිතා
වැහි පොද වැ‍ටුනත්-ඒකත් වරද මගෙයි
හිරු ‍රැස් දැවුවත්-ඒකත් වරද මගෙයි
අපූරු සුළග නුබයි-සියළුම වරද මගෙයි
සරතැස ලැබුවත්-ඒකත් වරද මගෙයි
කදුලක් නැගුනොත්-ඒකත් වරද මගෙයි
අපූරු සුළග නුබයි-සියළුම වරද මගෙයි

මම යන්නම්...........


හීනයක් වී මා ලගින් උන්නු නුඹට
හීනය බිද දමා යන්න කියන්නෙ
කොහොමද මං
නින්දෙන් ඇහැරෙනකොට
හීන මැකෙන බව මං දන්නවා
ඒත් හැමදාම දැක්කෙ
එකම හීනයයිනෙ මං
ඒ හීනෙන් බිදිලා යනකොට
ඇස් දෙකට කදුළු පිරෙන බව ඇත්ත
දරා ගන්න බැරි වුනත්
මම යන්තම් ඈතටම
ආදරය නැති නිසා නොවෙයි
අතැර මා යන්නෙ නුඹ
හෙට දවසට මේ කදුළු
‍රැගෙන යන්න බැරි හින්දයි
කල්පයක් කල් උන්නත් මා
නුඹ අසල
දරාගෙන මේ පෙම
මට නුඹව නොලැබෙන බව දනිමි මං
ඒ මා නුඹට
තනිවම පෙම් කරපු හින්දයි

මතක් විය අනේ ඔහු.................


දෑස් පිසදා බැලිමි
මේ සිහිනයක් නොවේ
තිගැස්සී හද මඩල
හැරුනෙමි මා ඔහු වෙතට
තවමත් සුන්දරයි
දෙවසකට පසුවත්
ඔහු එදා වගේමයි
ගැට ගැහුන මතක වැල්
එකිනෙකට ලිහි ලිහී
සිහිගැන්වුවා මට
ඔහු දු‍ටුව මුල් දිනය

එකම එක බැල්මකට
සංසාර පුරුද්දට
අදහගන්නත් බෑ මෙමට
මහ මෙරක් ආදරය
උපන් හැටි මොහොතකින්

සොදුරු මල් සිනහවක්
නැගෙනකොට 

දොඩමලුව ඒ දෑස්
අදත් දැක හිරිවැ‍ටුනි
දූලි බැදී මගේ හිත
කාටවත් නො ඇසෙන්න
කෑ ගසා අණ කලෙමි
සොයන්නට සිසාරා
එදා අතහැර දැමූ
පපුව පිරි ආදරය

සියොලගම වෙවුළුවා
ඇස් දෙකත් රතු වුනා
හුස්ම ටික හිර වුනා
මතක් වී අනේ ඔහු
මේ මගේ නොවන බව
අදත් ඔහු හමු වුනත්
මගේ මුව ගොළු වුනා
එදා මෙන් අදත් මා
අනේ අසරණ වුනා

ළගින්ම ඉන්නම්...............


ඔයාට දවසක අඩන්න වුනොත් 
මට කතා කරන්න 
මම ඔයාව හිනස්‌සනවා කියල 
පොරොන්දු වෙන්නෙ නැහැ 
එත් මට පුලුවන් ඔයත් එක්‌කම අඩන්න...
ඔයාට දවසක හැමදෙයකින්ම ඈතට දිව යන්න ඔන වුනොත් 
මට කතා කරන්න 
මම ඔයව නවත්ව ගන්නවයි කියල
පොරොන්දු වෙන්නෙ නැහැ 
එත් මට පුලුවන් ඔයත් එක්‌කම දිවයන්න...
ඔයාට දවසක කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදි ඉන්න ඔන වුනොත්
මට කතාකරන්න
මම පොරොන්දු වෙනව 
බොහෝම නිශ්ශබ්දව ඔයගෙ ලගටම වෙල ඉන්නවයි කියලා...
එත් දවසක ඔයා මට කතා කලත් 
මගෙන් කිසිම පිලිතුරක්‌ නැති වුනොත් 
පුලුවන් තරම් ඉක්‌මනට මාව සොයන් එන්න 
සමහරවිට මට ඔයාව ඔන වෙලා තියේවි...

රන් කෙන්ඩියකින් ‍රැක ගනු බැලුවා
රිදී හුයෙන් බැදලනු හැදුවා
පූජාසනයක සදුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා........
කාටත් වැරදුන එකම වෙලාවක
නැති බැරිකම ආදරයට පැරදී
මටත් වැරදුනා මමත් පැරදුණා
තේරුම් ගන්නට බැරි හදවතකට........
කීවත් මොන දේ හිතට දැනේවිද
සෙනෙහස නැති නම් කුමටද ලතැවී
ඔබෙන් වියෝවූ සිතින් කියනුයේ
සියතින් ගෙල සිද මියයනු බැරි බව.......

නුඹ පෙම බින්ද හැටි ....


අරන් යන්නම යන්න නුබ ගිය ......
මගේ හිත තව නුබ ලඟයි.....
දුන්න සෙනෙහස විඳිමි මන් තව ....
නුබම ගිය මග හීතලයි ......
වින්ද ප්රේමෙක බිදුන පැතුමක ....
තාම මං හරි අසරණයි .....
එන්න නුඹ යලි නොයෙනදාකට .....
මගෙ අවසන මට සැපයි
සින්න කරගෙන හදවතම නුබ .....
දුන්න සෙනෙහස සුන්දරයි ....
හීන ලෝකෙක වැතිර විදිසුව .....
ජීවිතේ විඳි කාලයයි ....
නින්ද ඇහැරුව විදිය නම් තව ...
මටත් පුදුමයි හිත හිතයි ....
පෙම් බැන්ද නුඹ පෙම බින්ද හැටි ....
තාම දන්නෙ නුබ තමයි .....
හීන තරමට ජීවිතේ ලඟ ...
කදුලු විතරයි නෙත් කියයි .....
ආදරේ සුව උරුම නොවුනට .......
තාම හිත හරි පෙම්බරයි ......
ප්රේමයක නටබුන් හිතේයි තව .....
ආයේ මවනට හිත බයයි .....
නුඹ ගත්ත හිත මට දුන්න දුක ....
තාම හිත යට ඉකි ගසයි....

පෙම් කවක් නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
ඔබ මෙතෙක් ‍රැදී උන්  මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
ඔබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්
සද එළිය පොලොවටයි හිමි වූයේ
සද අහසෙ ‍රැදුනාට රත්තරනේ

රෝස තොල් සිඹිමි තොල් මත කදුළු බිදු ‍රැදෙයි
ඔබ ආදරේ කියා දුන්නේත් ඒ වගේ තමයි
මේ ‍රැයයි සදයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
පිච්ච මල් පිපී යහනෙ සුවද මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තවමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි
අදුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොදුර ඔබ ලගින් නැතිවත් හිතට උණුසුමයි
කදුලු බිදු නැගෙයි ඉදහිට නෙතට වනයි
සිනා සෙමි නමුත් මේ උණු කදුළු මගෙ නොවෙයි

මගේ මෝඩ හිත...........


අමතකව ගියා නොව
අමතකම කලා මම
දයාබර ඔබෙ නෙත
මට දුන්නු සෙනෙහස
හිතේ රදවාන හුන්
නුබේ රුව පිණි වැදී
බොද වුණා නම් නොවේ
බොද කලා සිතුවමම
හීන් සැරයක් වගේ
හිත වෙලා ගත්ත බව
නෑහුනා නම් නෙවෙයි මට
ඇහුවෙ නැහැ ඔබෙ හඩ
හීන මල් පුබුදාන
සුවද විහිදුවත් සිත
නොදැනුනා නෙවෙයි මට
වින්දෙ නැහැ ඒ සුවද
නෙතු පියෙන ඇසිල්ලට
නෙත් පිරෙන හීනයේ
සුවය නොදැනුනා නොව
විදිනු බැරි වුණා මට
මේ කවිය ගෙතුනෙ නම්
අත් හැරුනු සෙනෙහසින්
සමා ගන්නට නොවේ
සනසවා ගන්න හිත

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

මගෙ පණ.........


                                  ඔය ඇස් වලට ආදරේ කළේ
ඔය හිනාවට ආදරේ කළේ
ඔයාව මගේම කර ගන්න
දුක බෙදාගන්න
ඔයා මගෙන් ඈත් වුණ දවසෙ ඉදන්
ඒ දුක මම තනිවම විදින්නෙ
මං ඔයාට තවමත් ආදරේ නිසා
කාත් එක්ක කොහෙ හිටියත්
ඔයා සතුටින් ඉන්නවනම්
ඒ තරම් සතුටක් තවත් නැහැ
ඒ ඔයා මගෙ පණ නිසා

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

ඔබ ඉන්නව නම් .......


අදුරු මගේ ජීවිතේ වෙත
එක දවසක් හිටි හැටියෙම
ඔබ ආවේ සදක් විලස
මම හොයනව තවම කරුණ
අරගෙන නෙක පාට හීන
රදවලා මගෙ හිත පුරාම
ඔය ඇස් දෙක හොරෙන් කීව
ආදරෙ මට නේද උරුම
සිහිවන විට හැමවෙලේම
කදුළු එනව මගෙ දෑසට
 ඔබ ඉන්නව නම් මා ලග
මට මොකටද මේ ලෝකය
මගෙ වස්තුව දන්නවාද
මගෙ ලෝකයෙ නිරිදුන් ඔබ

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

නුඹ.....


නුඹ මලක් නෙවෙයි
මල් සුවදයි
දකින්න බැරි සිත් සේමා
නුඹ අහස නෙවෙයි
දේදුන්නයි
විදින්න බැරි සිත් සේමා
නුඹ කවිය නෙවෙයි
කවි පදයයි
තියන්න බැරි මුත් තේමා
නුඹ ගගුල නෙවෙයි
සයුරක් මේයි
අදහාගනු බැරි කෝමා


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

නොගැලපීම..........


හද ගැස්ම වැඩි වුනත්
සිත් අපේ එක් වුනත්
බැරි වේවි විදගන්න
නිදහසේ ආදරය
උරුම දුක බව දැනම
එපා තව ළං වෙන්න
අප නොදකින
ඒත්
ලෝකය දකින
නොගැලපීම්
බොහෝ ඇත
රත්තරන් අපි අතර


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

අහිමි හිමි.......



ඔබේ අහිංසක සිත් පොඩියට මම
මහ මෙරක් තරම් පෙම් බැන්දා
ඒ ලස්සන හිත හිමි කර ගන්නට
මදි වෙන්නැති මම පෙම් කෙරුවා
පෙර භවයක ඔබ මගේම වෙන්නැති
එනිසයි හිත ලෙන්ගතු මෙතරම්
ඒ භවයෙම මම ඔබ රිදවන්නැති
අහිමිව යන්නට ඔබ මෙලෙසින්
එකම මලකටයි පෙම් කෙරුවේ සිත
නොලැබුන මුත් ඒ මල සුවදයි
ඒ මල් සුවදම හිතින් දරාගෙන
හැමදාටම මම තනි වෙන්නම්


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

අමතකද...........


මග තොටේ මල් පිපුන
පෙති හැලී මග සැරසු
නුඹ එතැයි මග බලා
දෙනෙත් කදුලින් පිරුනු
කාලයක් පහු කරපු
එකම මග නුඹ නාපු
තනිව උන් මල් රේණු
ආදරේ දුක ගයපු
හිත ගාව මල් ඇතිරු
අමතකද ආදරේ
අහම්බෙන් මට දීපු


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

කවිය


අහස තරම් නැති වුනාට
සයුර තරම් නැති වුනාට
නුඹට වඩා නම් නුඹ හට
ආදරේ කලා
නුඹට තරම් අපූරුවට
කවි  ලියන්න බැරි වුනාට
පුලුවන් විදියට නුඹ හට
මම කවි ලිව්වා


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

සිත් අහස.....


Friends18.com Orkut MySpace Hi5 Scrap Images


අසනි වැසි වැ‍ටුනි
ගග දිය උතුරා
පිටාර ගිය සෙයිනි
සමතලා යුගයක
කොද මල් පිපුනි
ගිම්හානය ආ සෙයිනි
මල් පරව බිම වැ‍ටුනි
වසන්තය ගිය සැනින්
ඉඩෝරය යලි පැමිණි
කෙම් බිම් සියල්ල
වියෙළිලා ඉරි තැලිණි
රිදී සද ගියෙ සැන්ගී
සිත් අහස අදුරේම
මියදුනා මට දැනුණි

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

කදුල ඉතින්............

                                    
                                     සුසුම් සලන හන්තානෙක
කදුලු උනන මද්දහනක
එක සුදු පැහැ මලක් වෙලා
නුබ පිපුනිද මගේ ලොවට
කදුල ඉතින් නුබ පලයන්
සුසුම මාව අතහැරපන්
දැවෙන සිතට පවනක් වී
ලගින් ඉන්න ඉඩ දීපන්
ඔබ ගියාලු මන් දාලා
සුසුම් කදුලු රන්දාලා
හැර යන කදුළද සුසුමද
නොයා ඉදින් මන් දාලා


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

දඩුවම..........


නොදැන පෙම් කල වරදට
දුන්න දඩුවම සැර වැඩී නුඹ
නොසිතූ නිම්නෙක  හමු වෙලා අප
පිවිසුනා අපි අපේ ලෝකෙට
බොළද වදනින් රත්තරන් ලෙස
ඇමතුවා සුදු සේල යහනෙදි
නොමැත වදනක් සවන් දෙන්නට
කෙලෙස යන්නද ඇසි පියන්නට
මතක් වෙද්දී මැවූ ලෝකය
සිත කියන්නෙ පිය මනින්නට
සදාකාලික නින්ද වෙතටම


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

සිත් අහස............


ඇස් පියන් යට දග කෙරුව
කදුළු බිදු සමු අරන්
හිනාවේ මල් කැකුළ
විකසිතයි මගෙ හිත පාමුල
මායි මගෙ කවි හිතයි
නුඹයි නුබෙ සෙනෙහසයි
එකතු වී අලුතෙන් ලියයි
ආදරයයි ජීවිතයයි
පාට සද දිය හැඩ කරයි
නෙක රටා ඇති මල් පෙති
හීන හිත ළග සරසවයි නුඹ
මවා ආදරයේ මහා විස්කම්


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

සුළග වගේ...........


තරු වැට ළග වාඩි වෙලා
පුර හද ඉකි ගසන ‍රැයේ
ඔය ඇස් ගැන මම ලිව්වා
මගෙ ලස්සන හීන පොතේ
කලබලයක් නැතිව දුවන්
ඇවිදින් සිල් බිදින සිතේ
රත්තරනේ ඔබ හරියට
සෙංකඩගල සුළග වගේ

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න
කදුලු කිරි පොවා
තුරුළේ සෙනෙහසින් හදා
කදුළු විල දිගේ
නොපෙනී ගියෙදෝ අම්මා
සත් පියුම් විලේ
විල මැද යළි පිපී දිලේ
දු‍ටු සද දරුවන් වෙත මවකගේ සෙනේ
මිහිකත වුව හඩා වැටේ
නිවන් මන් පෙතේ
ඔබ ගිය මන් ලකුණු පෙනේ
වඩින දා නිවන් පුතු සෙනේ වඩා
මා දෙස බලමි මට දැනේ
ඩබ්ලිව්.ඩී.අමරදේව

පළමු පෙම...........


තේරුමක් නැතිවම
ඇරඹුණා........
තේරුමක් නැතිවම
නැවතුනා.........
නමුත්
එයින් මට
බොහෝ දේ තේරුණා.....

ඉතින් මම තනිවේද.......


එකම එක මොහොතකට
මගෙ ළගට ළං වෙලා
දුකම දුක කතාවක
මුල අකුරු මුමුණලා
තෙතම තෙත කදුළකින්
මගෙ දෑස පුරවලා
දුරම දුර ඉගිලෙන්න
ඒ කදුළ මට තියා
මගෙ සිහින කතාවේ
සුදු සිහින කුමරුනී
මල් පිපෙන හැම විටම
නුබෙ සුවද දැනේවී
තරු අතර රෑ පුරා
නුබෙ දෙනෙත පෙනේවී
ඉතින් මම තනිවේද
දසත නුබ සිටිද්දී

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

 
Twitter Bird Gadget