Pages

ඇගේ සිත .......


කෙනෙකුට ආදරේ කරත්
සිත දුන්නේ ඇයට උනත්
ඒ පිළිබඳ ඇගේ සිතේ කිසිදු වගක්
...නොම වේ නම්

කොතරම් එය විමසූවත්
ආදරේය පැවසූවත්
ඇගේ සිතේ ඔබ පිලිබඳ අදහසකුදු
නොම වේ නම්

සිතට නැගුන තරහවකින්
ඇතිවූ යම් සිත් තැවුලෙන්
වගක් නැතිව උමතු ලෙසින් ඈ වෙත
කරදර වේ නම්

සිතුවේ නුඹ කුමක් ලෙසින්
මෙලෙසට වැඩ කරුව ලෙසින්
සිතුවද නුඹ හැකිවේ යැයි ගන්නට
ඇගේ සිත සැනෙකින්

No comments:


 
Twitter Bird Gadget