අහස තරම් නැති වුනාට
සයුර තරම් නැති වුනාට
නුඹට වඩා නම් නුඹ හට
ආදරේ කලා
නුඹට තරම් අපූරුවට
කවි ලියන්න බැරි වුනාට
පුලුවන් විදියට නුඹ හට
මම කවි ලිව්වා
සයුර තරම් නැති වුනාට
නුඹට වඩා නම් නුඹ හට
ආදරේ කලා
නුඹට තරම් අපූරුවට
කවි ලියන්න බැරි වුනාට
පුලුවන් විදියට නුඹ හට
මම කවි ලිව්වා
සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න
2 comments:
මගේ සිතේ ඔබට තියන ආදරය,
මනින්නට මිනුම් දඬු නැතිය
ලියන්නට ඉලක්කම් නැතිය
ඒ අපරිමිතය තේරුම්ගත්තේ ඔබමය...
ඒකයි මම කවි ලීවේ ඔබට
ඒත් ඒ කවි, ඔබේ ළකල් කවිකම් අසලදි
දිනිදු අභියස ලූ පහන් මෙන් දැනුනා මට....
සිකුරු තරුවට ලැබුනු
පනිවිඩය ලැබුනා
පියබලා එනු එපා
මග ලකුනු මැකුවා
දහස් සිතිවිලි පිපෙමින්
සිත් යාය මත හැමුවා
නෙත අනන්තය දකිමින්
තවත් දවසක් ගෙවුනා....
Post a Comment