Pages

නුඹේ සුසුම්....

ආදරය විතරක් දෙන්න...
යන්න එපා දුරක...
මට එන්න බෑ... 
ඇවිදන්...
ඔයාකාර දුවන හිත පස්සෙන්..
මං පව්... 
ඔයා දුවන දුවන හැම වාරයක් ගානේ... 
මගේ මේ වාරැ නැති... 
ආදරයත් රැගෙන ඔයා ලගට දුවගෙන එනවා...
ඒ මගේ ජීවිතේට...
මගේ ආත්මෙටම...
හයියක් වෙන්න කියලා...
ඒත් ඔයා මාව දාලා ආයෙත් දුවනවා...
මම එනවා..
ඒ ආදරේ නිසා.

ඔය දුවන දුවන තැන්වල 
ආදරණීය බවක් නෑ කියලා...
හැමතැනකම ඔයා රැවටෙනවා විතරයි කියලා
තේරැම් ගන්නැත්තේ ඇයි...
ඔයා රැවටෙන වාරයක් ගානේ 
මමයි අඩන්නේ...
ඒ ඔයාගේ ඒ හැම සුසුමකම 
මම ඉන්නවා කියලා මම හිතන නිසා... 

මගේ ආදරේ ඔයා‍ නෙමෙයි කියලා 
ඔයාට ඉතින් කියන්න පුළුවන්ද...
ඔය ඇස් දෙක ඇරලා බලන්න....
මේ දුක් විදින හදවතේ අමාවක රැය... 
හැකිනම් සරසන්න...
බලාගෙන ඉන්නම් මං....
මැරි මැරී ඉපදෙන
හදවත යලි පණගන්නට...
නුඹේ සුසුමින්...
වත්...

No comments:


 
Twitter Bird Gadget