Pages

තවම මම ආදරෙයි .....


තරු අතර දිලිසෙන
ඔබේ රුව සොයමි මම
ඈතයි අහස මට
ලං වෙනු කොහොම මම
නැගෙන රළ පෙළ අතර
ඔබේ රුව සොයමි මම
ගැඹුරුයි මහ සයුර
ලං වෙනු කොහොම මම
දකින හැම දසුනකම
ඔබේ රුව සොයමි මම
දනිමි ඔබ නොමැති බව
ඒත් තව සොයමි මම
දකින හැම සිහිනෙකම
ඔබේ රුව සොයමි මම
දනිමි ඔබ මගේ නොවන බව
ඒත් මම ආදරෙයි තවම


 
Twitter Bird Gadget