Pages

මම යන්නම්...........


හීනයක් වී මා ලගින් උන්නු නුඹට
හීනය බිද දමා යන්න කියන්නෙ
කොහොමද මං
නින්දෙන් ඇහැරෙනකොට
හීන මැකෙන බව මං දන්නවා
ඒත් හැමදාම දැක්කෙ
එකම හීනයයිනෙ මං
ඒ හීනෙන් බිදිලා යනකොට
ඇස් දෙකට කදුළු පිරෙන බව ඇත්ත
දරා ගන්න බැරි වුනත්
මම යන්තම් ඈතටම
ආදරය නැති නිසා නොවෙයි
අතැර මා යන්නෙ නුඹ
හෙට දවසට මේ කදුළු
‍රැගෙන යන්න බැරි හින්දයි
කල්පයක් කල් උන්නත් මා
නුඹ අසල
දරාගෙන මේ පෙම
මට නුඹව නොලැබෙන බව දනිමි මං
ඒ මා නුඹට
තනිවම පෙම් කරපු හින්දයි

No comments:


 
Twitter Bird Gadget