Pages

පෙර සසරෙන් ආ දේවල්.......

කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්ත කම්..............


ඉර කියන්නෙ අත් අරින්න අපේ සබඳකම්

සඳ කිව්වෙත් එපා කියල මේ හිතවත් කම්

මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත් කම්

ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත් කම්..........


ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්

ගසුත් වැලුත් හමා යන්නෙ දෙවමින් අවමන්

මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නුපුරු කම්

ඇළ දොළ ගහ කොළ දන්නෙත් අපෙ මනුස්ස කම්...........

අනේ ඔබ දන්නේ නැහැ ... සිහින දකිනා තරම .....

අනේ ඔබ දැක ගන්න ... තුරුලේ හිඳ සැනසෙන්න
පපුතුරේ හිස හොවා ... ආදරේ විදගන්න

දෙපා පොඩි ඔසවලා ... ඔබේ නළල සිප ගන්න

බඳ වටේ අත් යවා .... ඔබට තව ළංවන්න ....

දුරින් හිඳ හෝ නොවේ ... ළඟට වී සැනසෙන්න

අනේ ඔබ දන්නේ නැහැ ... සිහින දකිනා තරම .....

මට බයයි ඔබ අඩයි ... දෑසේ රත දුටුවාම

අනේ ඔබ තව දැවෙයි ... හදේ ගිනි දුටුවාම ....

මේ දෑසේ කඳුලු වැල් .. සිදී වියලෙන තුරුම

හදේ ඇවිලෙන ගින්න ... නිවි පහන් වන තුරුම ...

ටිකක් කල් දෙන්න මට ... ඔබේ තුරුලට එන්න

එතෙක් ඉවසා ඉන්න ... හැකි නේද පවසන්න ...

 
Twitter Bird Gadget