Pages

මට පොරොන්දු වෙන්න........

වර්ෂාවක් වෙලා ඔයා ආවා මගේ ජිවිතයට..
මගේ හීන මගේ ජිවිතේ මගේ ලෝකේ
ඔයා මගෙන් උදුරගත්තා
මොක්කද මං කරපු වරද ඔයාට..
ඔයා අද දකින මගේ හීන
ඔයාට කලින් මං දැක්ක එකද?
ඔයා වගේ මහ රෑ ඇහැරගෙන
මාත් කියව කියව හීනා වුන එකද?
මගේ පුන්චි ලෝකේ
ආදරෙන් පුරෝගත්ත එකද?
සත්තයි මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නේ
එකම එක දෙයයි..
ගැස්සෙන්න එපා..
ඔයාගෙන් මං එයාව ඉල්ලන්නැ..
මං ඉල්ලන්නේ එකම එක දෙයයි..
මං වදින්නම්......
මගේ ඒ අහිංසකයාට කවදාවත් දුකක් දෙන්නෙපා...
ඒ අහිංසකයව කවදාවත් තනිකරන්නැ කියලා
මට පොරොන්දු වෙන්න
                                 දිනූට....

දුක කියන්නට කෙනෙක් නෑ..........

දුක කියන්නට කෙනෙක් නෑතිදා
දුක ඈසූ නුබ අද මගේ
දුකට හිනෑහෙන්නේ......

වියලි කතරට වෑහි පොදක් ලෙස
...කඩාගෙන වෑටි නුබේ සෙනෙහස
මහා මේගයක් ලෙසින් හමා විත්
මට මාවත් නෑති කලේ කොහොමද.....

හදවත ඈවිලුනු අතීත දුක් ගිනි
සුවපත් කල පින නුබට අයිති මුත්
ප්‍රේමය මියගිය නුබ හද දෙවොලින්
හෙටක් පතන්නට හිතට වාරු නෑත....

 
Twitter Bird Gadget