මිය නොයමි මම
ජීවිතය තව දුර නිසා...
සතුට නොසොයමි
එය මට තහනම් නිසා...
නොහඩමි
හඩන්නට කදුළැල් නැති නිසා....
විදවන්නෙමි තවම
විදින්නට කිසිවක් නැති නිසා...
ඝණ අදුරට පෙම් බදිමි
ආලෝකය යළි නොඑන නිසා...
හිත හදාගමි මම
ලොවෙහි කිසිවක් නියත නැති නිසා...
යලි ආදරය නොසොයමි
මට කිසිවෙකුත් ආදරය නොකල නිසා...
5 comments:
පළා යෑම පහසුයි....
මුහුණ දීමට වඩා....
සතුට නොසොයයි...
එය ඔබට අනවශ්‍ය යැයි ඔබ් ඔබෙ සිතට
බලකරන නිසා...
සතුටත් සොයන්නෙ නැත්නම් අඩන්නෙත් නත්නම් ජීවිතේ ඒකාකාරී වෙනවා. එක්කො අඩන්න නැත්නම් හිනාවෙන්න. ඒ ඒ අවස්තාවන් වල ඔය දෙකම අපේ ජීවිතේ අලුත් කරනවා.
අපොයි මේ කුරුල්ලා වද දෙනවෝ... ඒක අයින් කරන්නෝ....
අන්තිමම වැහි බිඳත්
හැලීගිය පසු
පුරවන්න හිස් බඳුන්
හිතන එක බොරු
හිමිනැති සෙනේ හරි සුවඳයි...
සූරියකාන්ත
.....................
හිරු යන එන අත
නිතරම සෙව්වත්
නුඹ ගැන හිරු නම්
නොදනී කිසිවක්
Post a Comment