Pages


රෝස තොල් සිඹිමි තොල් මත කදුළු බිදු ‍රැදෙයි
ඔබ ආදරේ කියා දුන්නේත් ඒ වගේ තමයි
මේ ‍රැයයි සදයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
පිච්ච මල් පිපී යහනෙ සුවද මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තවමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි
අදුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොදුර ඔබ ලගින් නැතිවත් හිතට උණුසුමයි
කදුලු බිදු නැගෙයි ඉදහිට නෙතට වනයි
සිනා සෙමි නමුත් මේ උණු කදුළු මගෙ නොවෙයි

4 comments:

pansilu said...

සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරු මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කළේ ඇයි.

මංචි හැඟුම් said...

හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
සිත මගෙ බොළද වෙලා..........
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා........

pansilu said...

වැටෙන කදුලු පිසලන්න්නට.........
සිත අතගා සනසන්නට.......
උන්නු එකම.............
ලෙන්ගතු හිත යන්න ගිහින් ......
දුක තියාන..........

මංචි හැඟුම් said...

සදාකාලික නොවූ ලෝකයෙ
සදාකාලික ප්‍රේමයක්.........
සොයා නෙක ගන් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්..........


 
Twitter Bird Gadget