Pages

හදවත මගෙ හරි බොළඳයි.....

හදවත යනු ගලක් නොවේ තේරුම් ගන්න
තලා පෙළා දැමිය හැකියි ඒ රැක දෙන්න
නුඹට රිසි වු සියළුම දේ කියලා යන්න
මා හදවත හට නොහැකියි ඉවසා ගන්න

සෙනේ පෑ වු නු‍ඹේ මුවින් කියලා යන්න
රිසි රිසි දේ නුඹට හැකිය කියා සිතන්න
කවුද කිව්වෙ මා හදවත ගලකි සිතන්න
මෙතුවක් කල් ඇසුර නුඹට හඳුනා දුන්න

කියන්න පෙර සිතා බලන් කියලා උන්න
ඒ මටමද නුඹ ඒ දේ කළේ කියන්න
පවසන ඒ වදනක් පාසා ඉවසන්න
පිළිමයකට සමාන නම් එපා කරන්න

හැමදාමත් සිනා මුවින් නුඹ ළඟ ඉන්න
බවින් ‍කිසිම දිනයක නුඹ එපා සිතන්න
නුඹ කියනා බොහෝ දෙයින් සිතින් හඬන්න
හදවත මගෙ හරි බොළඳයි මඳක් සිතන්න

 
Twitter Bird Gadget