Pages

මම ඒ හීනෙත් එක්ක ජීවත් වෙන්නම් ...

කොච්චර හිමි නෑ කියල දැනුනත් . . .
ඒ ඇස් මට අමතක කරන්න උනත් . . .
මට ඒක කවදාවත් කරන්න බෑ . . .
මගේ පන තියනකනම් . . .
මගේ පණටත් වඩා මම ආදරේ එයාට විතරමයි . . .
හැම තත්පරෙකදිම මම ප්‍රර්ථනා කරන්නේ . .
එයාගේ ඒ ලස්සන ඇස් දෙක දකින්නයි . .
එයාගේ සුවඳ විඳින්නයි . . .
එයාගේ උනුහුමට තුරුළු වෙන්නයි . . .
ඒත් . . . .
ඒව මට හිමි නැති වුනත් . . .
හීනෙන් හරි ඇවිත් මගේ ළඟ ඉන්න රත්තරං . . .
මම හැම තත්පරෙකම ඒ හීනෙත් එක්ක ජීවත් වෙන්නම් . . .

ඔය ආදරේ අයිතිකාරී ගොඩාක් වාසනාවන්ත වෙයි....

ඔය ඇස්ලග නවතින්න,
ඔය හිතේ නවතින්න
පින් කරලා තිබුනට
ඔය ජීවිතේ ලගින් ඉන්න
මන් පින් කරලා නෑ වස්තු,
කවදහරි ඔය ආදරේ අයිතිකාරී
ගොඩාක් වාසනාවන්ත වෙයි,
මට දුක හිතෙයි
,
මට හිමිවෙන්න තිබ්බ ආදරයක්
වෙන කෙනෙක්ට අයිති උනාට,
ඒත් කවමදාවත් ඔයාගේ ජීවිතේට
 මම ඊරිසියානම් කරන්නේ නෑ,
ඒ කොහොම උනත්
මම එක දෙයක් නම් දන්නවා වස්තු,
ඔයා තරම් ආදරේ කරපු කෙනෙක්
ආයේ මට ලැබෙන්නේ නෑ,
ඒත් ඔයාට මටත් වඩා
ඔයාට ආදරේ කරන කෙනෙක්
ලැබෙන්න කියලයි
මම හැමදාමත් ප්‍රාර්තනා කරන්නේ,

හැකිය වාවා ගන්න...

ගිලන් හද පාරන්න..
යලිත් එන්නේ කිමද...
ගිය තැනක සැනසෙන්න ...
මගෙන් බාදා නොමැත...
මතකයන් හිත රැදුණු...
තියේවි හැමදාම...
මගේ සතුට නුඹ ගන්න..
හැකිය වාවා ගන්න..
මතු දිනක මතක් වී..
එන්නෙපා මා ලගට..
ඉතින් අවසන් උනා ..
අපේ ආදර ගමන.......

හීනයක් තවමත් ඔයා මට ......

දහක් මිනිසුන් ගියත් මග තොට
මං හිනාවත් උනේ නැති කොට
ඔයා ආ හැටි ඇස් අගිස්සට
ඇත්තමයි පුදුමයි අදත් මට
ඔයා මගේ මං හිතන් හිටියට
හීනයක් තවමත් ඔයා මට
ඉතින් චුට්ටක් ලගින් ඉන්නට
ඇවිත් යනවද විනාඩියකට

 
Twitter Bird Gadget