Pages

මගේ දෝත පුංචි වැඩියි.....

රෑ අහසේ දිදුලන තරු
එකතු කරන්නට හැදුවත්
මගේ දෝත පුංචි වැඩියි
තරු කැට බිම විසිරි යයි............
වනයේ තිබෙන මල් සියල්ල...
එක මිටකට එක් කළාට
දෝතට ගන්නට බැහැ මට
මල් තැලිලා පොඩි වී යයි..........
දුන්හිද ඇල්ලේ ජල කද
අල්ලා ගන්නට හැදුවත්
දිය දෝතක් ගන්නට බැහැ.........
ජල කද බිම විසිරි යයි
ඔබේ හදෙහි තිබෙන සෙනෙහෙ
රදවා ගන්නට හැදුවත්
මගේ දෝත පුංචි වැඩියි.........
දෝ‍ර ගලා විසිරී යයි...

1 comment:

බට්ටි said...

කවි ටිකටත් වඩා හිත පින්තූරෙට. හරිම ලස්සනයි. අඩුපාඩුවක් කියනවා කියලා හිතන්න එපා මව්ස් පොයින්ට් එකට කුරැල්ලෙක් දාපු එක කරදරයී. ඒක වෙනස් කරනවනම් අපිට ගොඩක් පහසු වෙයි.


 
Twitter Bird Gadget