Pages

මම ජිවත් වෙන්නවා..

 ඔයා කියපු හැමදෙයක්ම මම කලා...
ඔයා අසායි කියන හැමදෙම අරන් දුන්න..
ඔයා කියන කියන තැනට එක්කන් ගියා...
ඔයාට මහා මෙරක් තරමට ආදරේ කලා
ඒ ආදරේ වැඩි කමට ඔයාගේ හිත රිද්දන්නේ 
නැතුව ආදරෙන් ‍රැක බලා ගත්තා....
මං දන්නේ නෑ අදටත් 
මගේ ආදරේ වෙනසක් ඔයාට දැනුනේ කොහොමද කියලා...
මං අතරමං වෙලා වගේ මට දැනෙනවා...
ඔයාත් මට ගොඩාක් ආදරෙන් හිටියා...
මම ඔයාව ගොඩාක් විශ්වාස කලා...
ලෝකයා මොනවා කිවුවත් 
මම ඔයා ගැන තිබුන විශ්වාසය නැති කර ගත්තේ නෑ 
ඒ..අනිත් අයට වඩා ඔයාව මම විශ්වාස කරපු නිසා..
එත් දවසක ඔයා ඒ විශ්වාසය කඩ කලා.. 
මම හිතුවේ නෑ වස්තුවේ ඔයා වෙනස් වෙයි කියලා...
මගේ ආදරේ අඩුවක් දැනුනේ කොහොමද 
මට අදටත් හිතා ගන්න බෑ එත්..
මගේ හිතේ ඇතිවෙච්ච ඒ ආදරේ 
කවදාවත් වෙනස් වෙන්නෙ නැ වස්තුවේ..
ඔයා මාගේ ලඟ දැන් නැති උනත්..
ඔයා මා ගව තියල ගිය ඒ අතිතය එක්ක 
මම ජිවත් වෙන්නවා..
ඔයාට කවදා හරි දවසක 
මා ගවට එන්න ඔනා වුනොත් එන්න....
ඔයා වෙනුවෙන් මම හැමදාම මඟ බලන් ඉන්නවා..

4 comments:

chandana said...

රත්තරන් ......
ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරේද කියලා
මට ඒ ආදරේ කොච්චරද කියලා වචන වලින් කියන්න තේරෙන්නේ නැ
එත් මම දන්නේ මෙච්චරයි....
මට ඔයා නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න බැහැ කියලා විතරයි
මම තාමත් ඔයාව හැබැහින් දුටුවේ නැතත්
ඔයාගෙන් ඈතට වෙන්න බැරි තරම්ම
මම ඔයාගේ හදවතට ලං වෙලා..

Anonymous said...

මචන් චන්දන බටර් ගෑවා ඇති නේද. රත්තරන් වලින් පටන් ගත්තට ඉවර වෙන්නේ පිත්තල වලින්.

ටී.බී. හේරත් said...

"කලා රසය රැඳුනත් නියඟලා මලේ
මලා නේද කෑවොත් නියඟලා අලේ...?"

මංචි හැඟුම් said...

ලස්සන බලා සැනසෙන්නට බැරිව මලේ
කන කා හටත් ඔය ටික නම් වෙනවා මලේ


 
Twitter Bird Gadget