Pages






                                      
                                         දිගු දෑස දු‍ටුවාම.........
හැගෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව.......
ඔය හිතට අමතකද........
බිද දමා මගෙ සිහිනේ....
ඇයිද ඔබ හැංගෙන්නේ.....
මට දෙන්න මගෙ සිහිනේ....
ළග ඉන්න පෙර වාගේ.........
රෑ දිවා....හිත පුරා....
ඇවිළිලා මේ ගින්න.....
තරු පවා.......හඩනවා...
ඔබට නෑ තේරෙන්නේ........
හිතට හිත හිමි නැතිද........
අහනවා හිත මාගේ....
මට දෙන්න මගෙ සිහිනේ.....
ළග ඉන්න පෙර වාගේ........
පෙර එදා..හමු වෙලා....
වෙළුණු හැටි මුදු පහසේ.......
පෙනෙනවා.....දකිනවා....
නිහඩ රෑ දුර අහසේ.......
දුරම මිස ළග නැතිද......
අහනවා නෙතු මාගේ........
කවදාද ඔබ එන්නේ.......
නැතුවාද හමුවන්නේ..........






2 comments:

ටී.බී. හේරත් said...

පිය සටහන්, මැකී නොමැත තව...
මා ආ දිගු ගමනේ...
මගේම පියවර මත පිය නඟමින්
ඔබ එනු දුටුවෙමි මා... ලුහුබඳිමින්

පිය සටහන්, මැකී නොමැත තව...

ගිරි, ශිඛර මුඳුන් වල...
වන ලැහැබේ අතු අග...
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා, ඔබට ගැයූ ගී...
ඇසේ ද තවමත්,
ඇලේ දොලේ ගලනා ගීයේ...

පිය සටහන්, මැකී නොමැත තව...

රළු බොරළු ගමන් මඟ,
වැලි තලා වැනිය අද...
හැරී බලමි මම ඔබේ ඇසින්...
ඔබ නුදුටු ඇසින්,
නො ඒ ද මතුවට
ඔබත් මමත් හමුවන... දවසක්...

පිය සටහන්, මැකී නොමැත තව...

සවනතින් සතන් විධාරණය කළ හඬ සැරය...

pansilu said...

මන් දන්නවා, ඔයා මගේ හිතට හුගාක්‌ දයාබරයි
මන් හිතනවා, මගේ හිතේ තියෙන හැම හැගීමක්‌ම ඔයාට කියන්න පුලුවන්
මන් ප්‍රාර්තනා කරනවා,ඔය ආදරයත් එක්‌ක හැමදාම ඔයා ලග ඉන්න
ඉතින්... ඔයාට තේරෙනවා නේද?මට ඔයා මහ හුගක්‌ වටිනවා කියලා.....


 
Twitter Bird Gadget