Pages

ඒ දවස් වල අපි රණ්ඩු වුණා
ඇයි ඒ...
‘‘ අරක කරන්නෙපා, මේක කරන්නෙපා,
අරෙහෙ යන්නෙපා.. මෙහෙ යන්නෙපා...
අරය එක්ක කථා එපා.. මම එයාට වැඩිය කැමති නෑ....ඉක්මනට ගෙදර යන්න....’’
ඔයා කිවුව...........

මම බැහැ දරුවො එහෙම කරන්න
මම මගේ රස්සාව කරන්න ඕන නෙ,
මම කෝමද ඒ අයත් එක්ක කථා නොකර ඉන්නෙ’’
ආදරෙන් මම කිවුව...

ඒත් ඔයාට තේරුණේ නෑ......

මම දේදුන්නක්... දේදුන්නට පාට හතයි ඒත් ඔයා කැමති කැමති වුණේ
මගේ පාට දෙකක ට නැත්නම් තුනකට

අනික් පාට අයින් කරන්න ඒවට මම කැමති නෑ........................
ඔයා එහෙම කිවුවත්

දේදුන්නකින් පාට අයින් කරන්න පුළුවන්ද?

ඒ නිසයි අපි ලොඩක් දවස්වලලට
රණ්ඩු වුණෙ.....

දේදුන්නක් කොහොමද තමන්ගෙ පාට අයින් කරනනෙ...
ඇයි ඔයා තේරුම් නොගත්තෙ.........අමතක කරන්නෙපා අපි ඉන්නෙ
කැරකෙන ලෝකෙක ලෝකෙ කැරකෙනව ඒ අපිවත් අරගෙන
හැබැයි අපි තේරෙන්නනෙ නෑ අපිට එක තැන ඉන්න බෑ...
කැරකෙනව....කැරකෙනව

ඒ විතරක් නෙමෙයි අමතක කරන්නෙපා
මේක ඇල වුණු ලොකයක් ඉතින් අපි කෝමද කෙලින් ඉන්නෙ

මට තනියෙන් මිනිස්සුන්ට ආදරේ උගන්වන්න බෑ....
ඔයාලත් එන්න.............

 
Twitter Bird Gadget