Pages

ඔබ වටිනවා මට තාමත්....


සඳ වට කර තරු තිබුනත්
නිල් අහසම තනි මැකුවත්
ඔබ වටිනවා මට තාමත්
මහමෙරකට වැඩි තරමක්.....

කතා කියන තරු දෑසත්
සිප සනසන මුදු දෙතොලත්
දන්නේ නෑ ඔබ තාමත්
මේ හද පාරන තරමක්....

තියාගන්න හිස පොඩ්ඩක්
දුන්නොත් උරහිස මොහොතක්
මගේ හිතට එය සිසිලක්
කියාගන්න බැරි තරමක්....

නුඹට දැනුනෙ නෑ මගෙ දුක....

බින්දු බින්දු මල් වැස්සට
ආස වුනේ හිත ඉස්සර
නුඹ ගියදා වට වැස්සට
කදුළු පෙනුණෙ නෑ පිටතට....

හිනාවෙන්න හිත හැදුවට
හිනා ආවෙ නෑ මුවගට
ලොවට හොරා හැඩූ හන්දම
නුඹට දැනුනෙ නෑ මගෙ දුක....

තාමත් ඉද හිට වැස්සට
නුඹ එන්නේ ඇයි මතකෙට
වහන් වෙලා මගෙ හිත යට
කදුළු දෙන්නෙ ඇයි නෙතගට....

හුස්ම නුඹේ ආදරයයි හැගුනා.....

අහසෙ සොදුරු සද දිළෙමින් තිබුනා
තරුව වෙලා මම නුඹ ළග  ‍රැදුනා
හීන ලොවක මිස සැබෑ ලෝකයක
නුඹ මාගෙන් දුර ඈතක ඇදුනා...

මගේ ජීවිතේ නුඹ බව දැනුනා
හුස්ම නුඹේ ආදරයයි හැගුනා
මගෙ පණ නුඹ මා හැර ගිය දවසක
ජීවිතයක් තව නැති බව දැනුනා....

එක් වන්නට බැරි බාධක තිබුනා
‍රැක ගන්නට තව බොහො දේ තිබුනා
අත් හරින්න හිත නැතත් නුඹේ පෙම
මගෙ අතින් ගිලිහී ගොස් තිබුනා....

වෙනත් හිතකට කෙරුවේ කොහොමද ආදරේ

 
ඇසි පියන් යට කදුළු නම් නැහැ 
හඩන්නේ මේ හිත තමයි 
දුක දරන්නට කියා දෙන්නද 
හිත අරන් හිත තනිකලේ 

අතීතයේ ඒ මතක අතරේ 
තනි උනාමයි දැනෙන්නේ 
එදා වාගේම අදත් මමයි 
තවම ආදරේ කරන්නේ

පැතුම් එකිනෙක හරි හිමින්
මටත් නොදැනිම පිලිවලින් 
එකතු කරගෙන වෙනත් හිතකට  
කෙරුවේ කොහොමද ආදරේ

දඟමල්ල තනිවෙලා


හැමදාම ඔබේ වෙන්න පැතු සිහින ඉහිරිලා..
නුඹ ගැනම ලියූ කවි හද තුලම සිර වෙලා..
දෙව් ලොවේ නුඹෙ සුවඳ දස අතම පැතිරිලා..
මේ පුංචි දඟමල්ල නුඹ නැතිව තනිවෙලා

සිත් කොනේ නුඹේ සුවඳ හැමදාම ගුලි වෙච්ච..
නුඹ නැතිව ජිවිතේ හැමදාම තනි වෙච්ච..
ළග ඉන්නෙමි රෑ පුරා නුඹ නමින් කැප වෙච්ච...
ආදරේ හැමදාම මේ පුංචි කෙල්ල නුඹේ වෙච්ච

හැමදාම ලංවෙලා ඔබ එක්ක ගැවසෙන්න..
මේ සසරේ පැතු පැතුම් මතු සසරේ ඉටුවෙන්න..
වෙන් නොවි කිසිදිනක ඔබේ සෙනෙහේ මට දෙන්න..
මතු භවේ යළි දිනක මා සොයා ඔබ එන්න

පින් මදි නිසා...........


බෝපත් සෙලවෙන්නෙ
සුලඟට
සාදු කියා..
ලොවුතුරු බුදුන් දෙසු
බණ
මට මතක්‌ උනා..
පින් මදි නිසා සසරේ
තව යන්න උනා...
පින් රැස්‌ කරන් බුදු ගිය 
මග 
යන්න සිතා...
මහන වෙන්න...
මම අද තීරනය කලා...

කප්පරක්‌ ආදරෙයි සත්තමයි මම නුබට..


හිමි කමක්‌ නැති උනත්
සිතට නුබෙ ළං වෙන්න..
ඉඩ දෙන්න දුරින් හිඳ
නුබෙ සුව විඳ ගන්න
චන්ඩාල මාරුතය
ආවත් මා වෙතට
නුබේ ගුණ සුවඳ මට
දැනේ වෙනසක්‌ නැතුව..
පිංකාර නුබෙ දෑස
සින්නක්‌කර ගන්න..
කල්පයක්‌ ඉන්න බෑ
මට ඕනෙ අද හෙටම..
කරුමයක්‌ වෙන් එපා..
මගෙ දිවියෙ සරදමට
කප්පරක්‌ ආදරෙයි
සත්තමයි
මම නුබට....

දුක් වෙලා කුමකටද


සිහිනයක් වී තවත් එන්නෙපා
මගේ ලඟට...
දුක වැඩියි සිහිනයෙන් දකින
විට මගේ සිතට..
ලං වෙලා සිටි කාලේ මතක් වන
විටදී මට
කෑ ගසා හඬන්නට සිතයි
මට නුබේ නමට ..
ඒ වුනත් නුබේ ළඟ නැහැනේ ඉඩ
මගේ සිතට...
දුක් වෙලා කුමකටද නුබ
අයිති වෙන කාට.....
පාඩුවේ ඉන්න කොට ඇවිත්
සිත් ඉසව්වට ..
දුන්නු දුක මේ මදැයි යන්න දැන්
වෙනතකට 

පාරමිදම්...

කොයි තරම් හිත
රිද්දුවත් මගේ
ඔයා ගැනමයි
හිතන්නෙ
මේ තරම් හිත
නපුරු කරගෙන
ඔයා කොහොමද 
හිදින්නේ .....


දන්නවා මට
අයිති නැති බව
ඒත් හදවත 
ගැහෙන්නෙ
රජුණි නුඹ ගැන
විතරමයි මම
පාරමිදම් පුරන්නෙ


අවිශ්වාසය 
හිතේමයි නුඹේ
ඒත් හිත නැහැ
රිද්දෙන්නෙ
කවමදාහරි
හිතෙයි මා ගැන
එතකොටයි 
දුක දැනෙන්නෙ

හදවත මගෙ හරි බොළඳයි.....

හදවත යනු ගලක් නොවේ තේරුම් ගන්න
තලා පෙළා දැමිය හැකියි ඒ රැක දෙන්න
නුඹට රිසි වු සියළුම දේ කියලා යන්න
මා හදවත හට නොහැකියි ඉවසා ගන්න

සෙනේ පෑ වු නු‍ඹේ මුවින් කියලා යන්න
රිසි රිසි දේ නුඹට හැකිය කියා සිතන්න
කවුද කිව්වෙ මා හදවත ගලකි සිතන්න
මෙතුවක් කල් ඇසුර නුඹට හඳුනා දුන්න

කියන්න පෙර සිතා බලන් කියලා උන්න
ඒ මටමද නුඹ ඒ දේ කළේ කියන්න
පවසන ඒ වදනක් පාසා ඉවසන්න
පිළිමයකට සමාන නම් එපා කරන්න

හැමදාමත් සිනා මුවින් නුඹ ළඟ ඉන්න
බවින් ‍කිසිම දිනයක නුඹ එපා සිතන්න
නුඹ කියනා බොහෝ දෙයින් සිතින් හඬන්න
හදවත මගෙ හරි බොළඳයි මඳක් සිතන්න

 
Twitter Bird Gadget