Pages

මගෙ ආත්මය

 මතකද ඒ දවස් වල අපි ප්‍රාර්ථනා කරපු හීන... 
පොඩි පැටව් දෙන්නෙක් හදන්න..
එයාලට හොදට උගන්වන්න....
මං වගෙ ලස්සන දූ පැටික්කියෙකුයි
ඔයා වගෙ ලස්සන පුතෙකුයි හදන්න
අපි කොච්චර හීන මැව්වද ........
ඔයා වැඩ ඇරිල ගෙදර එද්දි
මන් බලාගෙන ඉන්නවා ඔයාට තේ එකක් හදාගෙන... ......
ඔය ඇස් දෙක මට මේ මුලු ලොකෙටම වඩා වටිනවා...
එත් අද ඒ හීන හැම එකක්ම බොද වෙලා අලු වෙලා ගිහින්...
පතපු හීන ආයෙ කවදාවත් සැබෑ වෙන්නෙ නැහැ නේද කියල දැන දැනත්
මම අදටත් ඒ හීන දැක දැක ජීවත් වෙන්නෙ
ඒ ආදරේ මට අමතක කරගන්න බැරි තරමට
මගෙ ආත්මෙත් එක්ක එකතු වෙලා තියෙන නිසා සුදු අයියෙ...
2011-12-15


 
Twitter Bird Gadget