Pages

මිතුරු සුසුම්..............

කදුළු මුතු කැට රත් කොපුල් යුග
තෙමා සුරතට වැටෙන්නේ
හෙලන සුසුමන් මිතුරු වීලද
පවන සැගවී හමන්නේ
ඉකි බිදින විට ගැහෙන දෙතොලග
නුබේ උණුසුම සොයන්නේ
කියා දෙනවද නුබේ කුසුමට
කෙලෙස මේ දුක දරන්නේ


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

තනුව අහිමි වූ කවිය ..............


රැදෙනු බැරි බව දැන දැනත්
ගග මන්ද ඉවුරට ලෙන්ගතු වුනේ
සිතිජ ඉම හමුවී හඩන්නද
අහස සයුරට ඉගි කලේ
අමාවක බව පෙනි පෙනී ‍රැය
සද මලටදෝ මග බැලූයේ
තනුව අහිමි වූ කවිය ගයනට
කිමද පදවැල් ඇමිණුවේ
සුසුම් අහුරක බර දරන්නද
කදුළු බින්දුව දිලිහුනේ
අහිමි වන බව දැන දැනත් ඔබ
ඇයිද මේ හැටි පෙම් කලේ

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

 
Twitter Bird Gadget