අමතකව ගියා නොව
අමතකම කලා මම
දයාබර ඔබෙ නෙත
මට දුන්නු සෙනෙහස
හිතේ රදවාන හුන්
නුබේ රුව පිණි වැදී
බොද වුණා නම් නොවේ
බොද කලා සිතුවමම
හීන් සැරයක් වගේ
හිත වෙලා ගත්ත බව
නෑහුනා නම් නෙවෙයි මට
ඇහුවෙ නැහැ ඔබෙ හඩ
හීන මල් පුබුදාන
සුවද විහිදුවත් සිත
නොදැනුනා නෙවෙයි මට
වින්දෙ නැහැ ඒ සුවද
නෙතු පියෙන ඇසිල්ලට
නෙත් පිරෙන හීනයේ
සුවය නොදැනුනා නොව
විදිනු බැරි වුණා මට
මේ කවිය ගෙතුනෙ නම්
අත් හැරුනු සෙනෙහසින්
සමා ගන්නට නොවේ
සනසවා ගන්න හිත
සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න
No comments:
Post a Comment