Pages


රන් කෙන්ඩියකින් ‍රැක ගනු බැලුවා
රිදී හුයෙන් බැදලනු හැදුවා
පූජාසනයක සදුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා........
කාටත් වැරදුන එකම වෙලාවක
නැති බැරිකම ආදරයට පැරදී
මටත් වැරදුනා මමත් පැරදුණා
තේරුම් ගන්නට බැරි හදවතකට........
කීවත් මොන දේ හිතට දැනේවිද
සෙනෙහස නැති නම් කුමටද ලතැවී
ඔබෙන් වියෝවූ සිතින් කියනුයේ
සියතින් ගෙල සිද මියයනු බැරි බව.......

9 comments:

Anonymous said...

jivithe ohoma thamai. wadiya hithanna epa. 1000 paarak waradunath 1 paarak hari hari yanawa. :) studies hodata karala hoda job 1k labunama godak dewal visadei.

pansilu said...

ආදරය කියන දේ බලෙන් ලබා ගන්නත් බැ.........
බලෙන් ගන්නත් හොද නැහැ....
ආදරය නිසා අපේ ජිවිතේට ලැබෙන දේවල් ගොඩයි......
ආදරය නිසා අපේ ජිවිතේට නැති වෙන දෙවල් ද ගොඩයි........
මොනවා උනත් ආදරේ නිසා ජිවිතේ නැති කර ගන්න එක මහා මොඩ කමක්...

මංචි හැඟුම් said...

ආදරේ ජීවිතේ ජීවත් කරනව නම්.........
ආදරේ ජීවිතේ පාට කරනව නම්.........
ආදරේ නිසා ජීවිතෙ හුස්ම පොද වැටෙනව නම්.....
ඒ ආදරේ නැති වෙලා ගිය දවසට.......
ඇයි අපට ඒ ආදරේ නාමෙන් ...........
මැරිල යන්න අවසරයක් නැත්තෙ........

pansilu said...

එක ආදරයක් නැති උනාට.........
ඊටත් වඩා ආදරේ කරන කෙනෙක්
ඔයාට හමුවෙන්න පුලුවන්.........
එක නිසා කවදකවත්.......
ආදරයක් නිසා ජිවිතෙ නැති කර ගන්න හොද නැහැ.........

මංචි හැඟුම් said...

නැති වෙන්නෙත් ආදරේ නම්
ආයෙම ඇති වෙන්නෙත් ආදරෙ නම්
දෙකේ වැඩි වෙනසක් නැති නම්...
ප්‍රවේසමෙන්...........

pansilu said...

ඔයා කියන දේ ඇත්ත.එත් ආදරයක් නිසා ජිවිතයක් නැති කර ගන්න එක මොඩ වැඩක් නෙවේද?

මංචි හැඟුම් said...

තමන්ගෙ මුළු ජීවිතේම "ආදරේ" කර ගන්න අයට
ඒ ආදරෙ නැති වුනාම
හරියට
ජීවිතේම නැති වුනා වගේ තමයි........

pansilu said...

ඔව් එක නම් ඇත්ත,

මුදිත යාපා said...

මමත් ආදරෙයි


 
Twitter Bird Gadget