Pages

නුඹ මගෙ වෙනවද ....?


 සමනළ තටු පිහාටුවෙන් 
දේදුනුවල පැහැය අරන් 
සුදු සිහිනෙක පාට ඔතන්
නැවත එන්න නුඹ රහසින් 
පියඹ යන්න අහස පුරා
රන්තරු මල් පිපෙන තුරා
ආදරයෙන් ලගට වෙලා
ඉන්නවාද මගෙම වෙලා 
සයුරු වෙරළ රළ මනින්න
නුඹගෙ උකුලෙ හිස තියන්න
අහසේ තරු කැට ගනින්න
නුඹ මාගෙම වෙලා ඉන්න 
හිස පිරිමැද අතගාන්න
නුඹෙ නළලට හාදු දෙන්න
මගෙ තුරුලේ හිස තියන්න
නුඹ මගෙ වෙනවද කියන්න

 
Twitter Bird Gadget