Pages

මතක් විය අනේ ඔහු.................


දෑස් පිසදා බැලිමි
මේ සිහිනයක් නොවේ
තිගැස්සී හද මඩල
හැරුනෙමි මා ඔහු වෙතට
තවමත් සුන්දරයි
දෙවසකට පසුවත්
ඔහු එදා වගේමයි
ගැට ගැහුන මතක වැල්
එකිනෙකට ලිහි ලිහී
සිහිගැන්වුවා මට
ඔහු දු‍ටුව මුල් දිනය

එකම එක බැල්මකට
සංසාර පුරුද්දට
අදහගන්නත් බෑ මෙමට
මහ මෙරක් ආදරය
උපන් හැටි මොහොතකින්

සොදුරු මල් සිනහවක්
නැගෙනකොට 

දොඩමලුව ඒ දෑස්
අදත් දැක හිරිවැ‍ටුනි
දූලි බැදී මගේ හිත
කාටවත් නො ඇසෙන්න
කෑ ගසා අණ කලෙමි
සොයන්නට සිසාරා
එදා අතහැර දැමූ
පපුව පිරි ආදරය

සියොලගම වෙවුළුවා
ඇස් දෙකත් රතු වුනා
හුස්ම ටික හිර වුනා
මතක් වී අනේ ඔහු
මේ මගේ නොවන බව
අදත් ඔහු හමු වුනත්
මගේ මුව ගොළු වුනා
එදා මෙන් අදත් මා
අනේ අසරණ වුනා

2 comments:

pansilu said...

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා........
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා.....
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා......
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා....

මංචි හැඟුම් said...

ප්‍රේමය නින්දේ දු‍ටු සිහිනයකී
ඇති වී නැති වෙන එක පොදු දෙයකී
හද ප්‍රීති සිනා නෙත කදුලු ගෙනා
ජීවිතයද මායමකී................


 
Twitter Bird Gadget