Pages

ඒ දවස් වල අපි රණ්ඩු වුණා
ඇයි ඒ...
‘‘ අරක කරන්නෙපා, මේක කරන්නෙපා,
අරෙහෙ යන්නෙපා.. මෙහෙ යන්නෙපා...
අරය එක්ක කථා එපා.. මම එයාට වැඩිය කැමති නෑ....ඉක්මනට ගෙදර යන්න....’’
ඔයා කිවුව...........

මම බැහැ දරුවො එහෙම කරන්න
මම මගේ රස්සාව කරන්න ඕන නෙ,
මම කෝමද ඒ අයත් එක්ක කථා නොකර ඉන්නෙ’’
ආදරෙන් මම කිවුව...

ඒත් ඔයාට තේරුණේ නෑ......

මම දේදුන්නක්... දේදුන්නට පාට හතයි ඒත් ඔයා කැමති කැමති වුණේ
මගේ පාට දෙකක ට නැත්නම් තුනකට

අනික් පාට අයින් කරන්න ඒවට මම කැමති නෑ........................
ඔයා එහෙම කිවුවත්

දේදුන්නකින් පාට අයින් කරන්න පුළුවන්ද?

ඒ නිසයි අපි ලොඩක් දවස්වලලට
රණ්ඩු වුණෙ.....

දේදුන්නක් කොහොමද තමන්ගෙ පාට අයින් කරනනෙ...
ඇයි ඔයා තේරුම් නොගත්තෙ.........අමතක කරන්නෙපා අපි ඉන්නෙ
කැරකෙන ලෝකෙක ලෝකෙ කැරකෙනව ඒ අපිවත් අරගෙන
හැබැයි අපි තේරෙන්නනෙ නෑ අපිට එක තැන ඉන්න බෑ...
කැරකෙනව....කැරකෙනව

ඒ විතරක් නෙමෙයි අමතක කරන්නෙපා
මේක ඇල වුණු ලොකයක් ඉතින් අපි කෝමද කෙලින් ඉන්නෙ

මට තනියෙන් මිනිස්සුන්ට ආදරේ උගන්වන්න බෑ....
ඔයාලත් එන්න.............

6 comments:

පන්සල් හංදිය said...

ආදරේ වෙනුවෙන් දේදුන්නක වුනත් පාට වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕන .......

Anonymous said...

yup machan dilhara, you are absolutely correct. otherwise its not a pure love ;)

මංචි හැඟුම් said...

ආදරේ කියන්නෙ හීන ලෝකයක් නෙවෙයි....
ආදරේදි අපි ඇත්තට මුහුණ දෙන්න ඕනෙ....

Anonymous said...

ආදරේ කියන්නේ හීනයක්‌ තමයි. සැබෑ ලෝකේ කරන්න බැරි කැප කරන්න බැරි ගොඩක් දේවල් ඒ හීන ලෝකේ වෙන්නේ ඒ නිසයි, ඔයා සැබෑ ලෝකෙයි ආදරෙයි පටලවගෙන :)

pansilu said...

*~"තම්න්ගේ කියලා තම්න්ට වෙන්කරලා එච්චර ආදරෙන් බලාගත්තු කෙනා"~*
වෙන කෙනෙක්ගෙ වෙන්න යනවා...ඉවසන්න පුළුවන්ද ? බලාගෙන ඉන්න පූලුවන්ද ? බෑ...නවත්තන්නත් බෑ නේද ? යන්න දෙන්න.......ඔයාගෙ මහ මෙරක් ආදරේ නොතේරුම් කම්ට ඔය යන්නේ....ඇත්තමයි

මංචි හැඟුම් said...

තරු පුන්චි නෑ ඈතට පේන හැටි තමා.....
මම දුරින් නෑ ඔබ හට හිතෙන හැටි තමා.....


 
Twitter Bird Gadget