Pages

සුළග වගේ...........


තරු වැට ළග වාඩි වෙලා
පුර හද ඉකි ගසන ‍රැයේ
ඔය ඇස් ගැන මම ලිව්වා
මගෙ ලස්සන හීන පොතේ
කලබලයක් නැතිව දුවන්
ඇවිදින් සිල් බිදින සිතේ
රත්තරනේ ඔබ හරියට
සෙංකඩගල සුළග වගේ

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න
කදුලු කිරි පොවා
තුරුළේ සෙනෙහසින් හදා
කදුළු විල දිගේ
නොපෙනී ගියෙදෝ අම්මා
සත් පියුම් විලේ
විල මැද යළි පිපී දිලේ
දු‍ටු සද දරුවන් වෙත මවකගේ සෙනේ
මිහිකත වුව හඩා වැටේ
නිවන් මන් පෙතේ
ඔබ ගිය මන් ලකුණු පෙනේ
වඩින දා නිවන් පුතු සෙනේ වඩා
මා දෙස බලමි මට දැනේ
ඩබ්ලිව්.ඩී.අමරදේව

පළමු පෙම...........


තේරුමක් නැතිවම
ඇරඹුණා........
තේරුමක් නැතිවම
නැවතුනා.........
නමුත්
එයින් මට
බොහෝ දේ තේරුණා.....

ඉතින් මම තනිවේද.......


එකම එක මොහොතකට
මගෙ ළගට ළං වෙලා
දුකම දුක කතාවක
මුල අකුරු මුමුණලා
තෙතම තෙත කදුළකින්
මගෙ දෑස පුරවලා
දුරම දුර ඉගිලෙන්න
ඒ කදුළ මට තියා
මගෙ සිහින කතාවේ
සුදු සිහින කුමරුනී
මල් පිපෙන හැම විටම
නුබෙ සුවද දැනේවී
තරු අතර රෑ පුරා
නුබෙ දෙනෙත පෙනේවී
ඉතින් මම තනිවේද
දසත නුබ සිටිද්දී

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න
අප හමූවූ වත් නොවුනත්
 කාලය ගත වී යනවා
අප තනි වූවත් නොවුනත්
ලොව එක සේ පවතිනවා
ලොව මල් පිබිදෙන්නේ
යළි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නෙත්
වෙන් වන්නට නම්
යලි වෙන් වන්නට නම්
  අප හමු වූවත්.......
පෙරුම් පුරා හමුවන්නෙත්
 දිගු කලෙකින්නම්
හමු වූවත් යළි සැනෙකින්
වෙන් වී යයි නම්
අප යලි තනි වේ නම්.......
ගායනය:ටී එම් ජයරත්න
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඩ දෙන්න
නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නෙ එන්න ඇසේ කැළුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න
ගලන ගගට රළ නගන්න ඔබෙ කදුළැලි දෙන්න
ඉරට හදට එළිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වලා සළු එළන්න ඔබෙ කෙහෙ‍රැළි දෙන්න
දේදුන්නක හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න
තන නිල්ලට ඔබෙ දෙපතුලෙ මොලකැටි බව දෙන්න
නල ‍රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජීවත් වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
එපා මැණික සිත පමණක් කිසිවෙකුටත් දෙන්න


ගායනය වික්ටර් රත්නායක
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න


මලක සුවද පතා
රුවට වසග වෙලා
එ මල නෙලන්නෙපා
එ මල නෙලන්නෙපා
සිතක සතුට පතා
රුවට වසග වෙලා
සෙනෙහෙ පුදන්නෙපා
සෙනෙහෙ පුදන්නෙපා
විලක වතුර බිබී
ගගුල හොදයි කියා
එ විල නසන්නෙපා
එ විල නසන්නෙපා
පෙමක සතුට ලබා
දිලිදු ළදකි කියා
ඇය රිදවන්න එපා
ඇය රිදවන්න එපා
සදක එළිය ගලා
අදුර නැසෙන් කියා
සද ගරහන්නෙපා
සද ගරහන්නෙපා
ළදක සෙනෙහෙ ලබා
චපල සිතින් මෙදා
ඇය හඩවන්න එපා
ඇය හඩවන්න එපා

ගායනය රෝහණ බෝගොඩ

රාත්‍රිය උදා වුනා
නින්ද ඇයි නොයෙන්නේ
රාත්‍රිය උදා උනා...............
ඔබ හමු වුණු දා පටන්
මා හදවත අවදියෙන්
‍රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්
රාත්‍රිය උදා උනා...........
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා ‍රැය නිතින්
රාත්‍රිය උදා උනා...............
ගායනය:ටී එම් ජයරත්න
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

සිතින් මා නොසැලී හිදිද්දී
කදුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒනෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැ‍ටුනු මහ වරුසා මතක් වේ
නුඹ ‍රැදී දෑසේ
තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූයාමේ
කදුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ

ගායනය:ටී එම් ජයරත්න
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් ‍රැළි ඔබ තනිව හිදි වේලේ
නිහඩ මා හද සනසනා
ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමු නොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා
සිහිනයකි ඔබ.........
යුග ගණන් අප වෙන්නව ආ මග
සොදුරු නිම්නෙක එක් වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා
හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියා වේ
යළිදු අප ඇත ළං වෙලා


ගායනය :බණ්ඩාර අතාවුද සමග නෙරන්ජලා සරෝජනී
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න


සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන්
කදුළු බිදක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත්
මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩු කම
හොද ළකුණක් නෙවෙයි
රණ්ඩු  කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී
ඉදින් ඉගිල්ලී
මම දෙයකට හා කිව්වම
 නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුණ නරක්
කරන් කාලෙ ගෙවයි
යළි මදහසක් හෙලා කියනා
දෙය නම් මට හැගෙයි
ලෙන්ගතු කම වැඩි වුනාම
මමත් ඔහොම තමයි

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

මන්දාකිණිය...........

සිහිනයට ඉඩ දෙන්න
මා ලගට ලං වෙන්න
ඔය දෑස මට කියවන්න
මොහොතකට ඉඩ දෙන්න
දුර ඈත මන්දාකිණිය
වාගෙ බබලන දෑස
කදුලු වැහි වැ‍ටුනාම
එලිවෙන්නෙ තරු කෝම
ගිනි ගහන මද්දහන
වගේ හිත මගෙ දැවෙන
සුසුමකින් ඔබ හෙලන
නිවේ මගෙ තුන් හිතම

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

මිතුරු සුසුම්..............

කදුළු මුතු කැට රත් කොපුල් යුග
තෙමා සුරතට වැටෙන්නේ
හෙලන සුසුමන් මිතුරු වීලද
පවන සැගවී හමන්නේ
ඉකි බිදින විට ගැහෙන දෙතොලග
නුබේ උණුසුම සොයන්නේ
කියා දෙනවද නුබේ කුසුමට
කෙලෙස මේ දුක දරන්නේ


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

තනුව අහිමි වූ කවිය ..............


රැදෙනු බැරි බව දැන දැනත්
ගග මන්ද ඉවුරට ලෙන්ගතු වුනේ
සිතිජ ඉම හමුවී හඩන්නද
අහස සයුරට ඉගි කලේ
අමාවක බව පෙනි පෙනී ‍රැය
සද මලටදෝ මග බැලූයේ
තනුව අහිමි වූ කවිය ගයනට
කිමද පදවැල් ඇමිණුවේ
සුසුම් අහුරක බර දරන්නද
කදුළු බින්දුව දිලිහුනේ
අහිමි වන බව දැන දැනත් ඔබ
ඇයිද මේ හැටි පෙම් කලේ

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

සද ආයෙත් එන්න එපා.............


 
හිත බර වෙන හුස්මක් ගෙන
නිල් අහසට දුක කිව්වම
අපි දෙන්නා පැතූ පැතුම්
උඩු හුළගට පා වුනාද
රාත්‍රියට මුවා වෙලා
ඉකි බිද බිද බිද මං හැඩුවට
රහසින් වත් මට කියන්න
ඔබ අයෙත් එන්නෙ නැද්ද
රෝස සුවද හිත පාරන්
මගෙ පපුවට දුක් දුන්නට
සද ආයෙත් එන්න එපා
හීන අරන් නිදි යහනට

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

අපරාදෙ......................

මං දැන්ම මැරෙන්නද...........?
ඔබට දුක හිතේවි
දෙනෙත් යුග තෙත් වේවි
උණු කදුළු වැටේවි
මගේ නම කිය කියා
ඉකි ගසා හඩාවි
මගේ දෙණ ළගට වී
නොසෙල් වී හිදීවි
සුදු පැහැති සළු පිළෙන්
ගත වසා ගනීවි
දින දෙකක් හෝ තුනක්
බත් නොකා හිදීවි
හත් දොහේ දානෙ දී
කඩිසරව හිදීවි
මං ආස කල කෑම
හැම එකම තියේවි
යහළු මිතුරන් සමග
සිනාසී දොඩාවි
තව කන්න තව කන්න
නෑයින්ට බෙදාවි
තුන් මාසෙ ගත වෙද්දි
මතක නැති කරාවි
අපරාදෙ මන් මැරුනෙ
කියා මට සිතේවි

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

නිකිණි වැස්ස

ප්‍රේමයේ දුක සදාකාලික
කදුල විතරක් හිත දරන්
පෙම් කලේ මම මගේ රන්කද

නුබේ ඇස් වලටත් හොරෙන්
යන්ට යන වග කාට කීවත්

මට නොකී දුක හිත දරන්
සරා සද ළග මාව තනිකර

යන්න ගියෙ ඇයි රත්තරන්.............
ඔබේ ප්‍රේමය කදුළු පමණයි
දැන දැනත් මම පෙම් කලා
හිතේ ගින්දර නිවා ගන්නට

 හීනයක් වත් නැති වුනා
හදා ගන්නට බිදී ගිය සිත

වෙහෙස ගන්නත් බැරි වුනා
සත්තකයි මම මගේ රන්කද මටත්
වැඩියෙන් පෙම් කලා.............
නිකිණි වැස්සට කදුළු මල් පෙති
බිම වැ‍ටුන මුත් දුක දරන්
මාව අතහැර යන්න ගියෙ
ඔබ මටත් මාවම නැති කරන්
කදුළු පමණයි මගේ
ලෝකයේ
සතුට දුර ඈතක ගිහින්
හුස්ම ගන්නට අරුත් ළග
                             නැහැ මට ජීවිතේ මලගම් ගිහින්...........................

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න


රහසක්.............


සුසුම් වැදෙන නෙත් මානේ
මට ඔබෙ ඉන්නයි ඕනේ
නැති උනොතින් ඒ සහනේ
මට මේ දිවි නැත ඕනේ.........
දු‍ටු දා ඔබ ගිම්හානේ
පෙම් බැන්දේ මා රහසේ
මට ආදරෙ කිවු දවසේ
මට මුළු ලොව හිමි වූයේ
හුරතලයෙන් දැවටෙන්නේ
ඔබ අසලයි මා ඉන්නේ
හඩනා නෙත පිසලන්නේ
ඔබමයි මා සනසන්නේ...........
ඔබ පමුල මේ ලෙසිනේ
සැමදා ඉන්නයි ඕනේ
නෙත හඩවා මගෙ ආයේ
නොයා ඉදින් රත්තරනේ.............

                                                    
සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

කිරිල්ලියක් වෙන්න හිතයි....................


තරු කැකුළක් වෙන්න හිතයි ...
රෑට සඳට තනි රකින්න...
මල් කැකුළක් වෙන්න හිතයි...
හිරුට ළගින් තනි රකින්න...

දේදුන්නක් වෙන්න හිතයි...
වහින අහසෙ තනි රකින්න..
මහ වැස්සක් වෙන්න හිතයි...
පොළව ඇවිත් සිඹලා යන්න...

කිරිල්ලියක් වෙන්න හිතයි...
කුරුල්ලෙකුට තනි රකින්න...
නින්ද වෙලා එන්න හිතයි...
නුඹේ ඇසක් යට නිදන්න...

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

මගෙ සපු මල..........


දොඩමලු වන දෑස් වලින්..
මට සෙනහස කියාදුන්න..
මගෙ සපු මල දෙතොල් විදා..
ඒ සෙනෙහස කියා යන්න..
එතකොට මට පුලුවන් වෙයි...
ඔබ නැති දුක දරා ගන්න....
නෙත් කැල්මෙන් වචන දුන්නු..
මට කවියක් ලියා ගන්න..
මගෙ සඳ...
රන් පත් ඉරුවක
මට සෙනෙහස ලියා දෙන්න...
එතකොට මට පුලුවන් වෙයි
තනියට එය තියා ගන්න.....

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

එනවාද මගෙ සිහිනයට .................

මට ලියන්න තව එක කවියක්
එනවාද මගෙ සිහිනයට තවත් වතාවක්
ලියන්නට අපේ ආදරේ සොදුරු කතාවක්
මිදෙන්නට නොදී මතකයෙන් කවදාවත්
නුබේ දෙනෙත් වලටම හැමදාමත්
කවි ලියනු බැහැනෙ මට තව තවත්
මට ආදරය පුද කල ඔය සිතත්
මං ලියන කවි වලට උල්පතක්
බැහැ සිතන්නට මට වෙන කෙනෙක්
නුබේ තැන අරගනු දිනක්
‍රැදේවි නුඹ නිම වන තුරු ලොවක්
මගේ මතකයෙ ‍රැදිලා හෙටත්

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

මලක් වෙන්නෙ කොහොමද මම.............

මහ වැස්සක් පතන බිමට
පිනි වැස්සක සිසිල මොටද
පොහොට්‍ටුවක් වෙලා නොඉද
මලක් වෙන්නෙ කොහොමද මම.............
වැහැරී ආතුරව හිදින
නිදි නොයෙනා රාත්‍රියම
පන්හිද වැදී ගැටි ගැටීම
ලියූ කවිය මහළු විනිද..............
අහස් වලා යට සැගවෙන
නින්ද බිදින පුර හද මට
කළ ඉගි බිගි හද පෑරුම
මගෙ කවිවල ඇහුනෙ නැතිද..............

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

ආපසු ගමන

සිත පුරා අරක් ගෙන
හඩ පුරා පෙම් කෙරුව
නුඹ ගියා වෙනතකට
දමා මා නපුරු ලෙස..............
නිදි නොලැබ මා දෙනෙත
හැඩුව මුත් නුබ නමට
නෑ දු‍ටුවෙ මගෙ කදුළු
කුරිරු වුන නුබේ නෙත...........
මිලින වූ මලක් ලෙස
හුදෙකලා වූ හදට
පැන් බිදක් වී සිසිල්
ඔහු සැනසුවා මසිත............
දෛවයේ අනුහසින්
නැවත දු‍ටුවෙමි නුබව
පෙර දිනක දු‍ටු ලෙසින්
ආදරය පිරි නෙතින්..............
නමුත් නැත ඔබට ඉඩ
නුඹ පමා විය බොහොම
නැවත බැහැ ලබන්නට
ගෙවී ගිය ඒ දිනය.................

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

දුක

සීතල හිම කැට වැටෙන
තරැ ඇසිපිය නිදි කරන්න
මැදියෙම් රෑ අහස
කොයි තරම් දුක් බරද
ඔබේ  ලොවේ මා සිටියා
මා ලොවේ ඔබ සිටියා
අප මැවූ ඒ සිහින
කොයි තරම් සුන්දරද
සිහිනයක් වගේ අද
අපේ ඒ ආදරය
මිලිනව ගොසින් බව
මා කෙලෙස අදහම්ද
මේ තරම් දුක් දෙන්නේ
මේ තරම් පළි ගන්නේ
රත්තරෙන් මං ඔබට ආදරය
කළ නිසාද.........


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

 
Twitter Bird Gadget