Pages

දුක

සීතල හිම කැට වැටෙන
තරැ ඇසිපිය නිදි කරන්න
මැදියෙම් රෑ අහස
කොයි තරම් දුක් බරද
ඔබේ  ලොවේ මා සිටියා
මා ලොවේ ඔබ සිටියා
අප මැවූ ඒ සිහින
කොයි තරම් සුන්දරද
සිහිනයක් වගේ අද
අපේ ඒ ආදරය
මිලිනව ගොසින් බව
මා කෙලෙස අදහම්ද
මේ තරම් දුක් දෙන්නේ
මේ තරම් පළි ගන්නේ
රත්තරෙන් මං ඔබට ආදරය
කළ නිසාද.........


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

4 comments:

Kanishka said...

මංචි කියන නම දැකපු ගමන් දුවගෙන ආව කවුද කියලා බලන්න.. මම දන්න කෙනෙකුත් ඉන්නවා. :)
ඹයාගෙ යුනිකෝඩ් වල ගැටලුවක් තියේ. windows vista හරි windows 7 හරි වෙන්න ඕනා පාවිච්චි කරන්නේ.. Vista quick fix එක දාගන්න. එතකොට අකුරු අතරට අර වගේ බෝල එන එකක් නැ.
http://www.siyabas.lk/files/VistaQuickFix.exe

ටී.බී. හේරත් said...

මාත් බැලුව මංචි කියපුවහම කවුද කියල, බැලින්නම් මේ අපේ ගම්පලාතෙ කෙනෙක් නෙ!
කවිය නම් දුක්බරයි...පැමිණෙන දුක් පැණිරස බව හිතල, තව තවත් ලස්සන කවි ලියන්න...

සිරකරුවා said...

මූණු පොතේ දැකලා අහම්බෙන් මේ පැත්තෙ ආවේ.. කෝ තාම එක ලිපියයිනේ.. දිගටම ලියන්න...

මංචි හැඟුම් said...

කවි හිතට හයියක් වෙන හැමෝටම
ගොඩාක් ස්තූතියි.......


 
Twitter Bird Gadget