Pages

නිකිණි වැස්ස

ප්‍රේමයේ දුක සදාකාලික
කදුල විතරක් හිත දරන්
පෙම් කලේ මම මගේ රන්කද

නුබේ ඇස් වලටත් හොරෙන්
යන්ට යන වග කාට කීවත්

මට නොකී දුක හිත දරන්
සරා සද ළග මාව තනිකර

යන්න ගියෙ ඇයි රත්තරන්.............
ඔබේ ප්‍රේමය කදුළු පමණයි
දැන දැනත් මම පෙම් කලා
හිතේ ගින්දර නිවා ගන්නට

 හීනයක් වත් නැති වුනා
හදා ගන්නට බිදී ගිය සිත

වෙහෙස ගන්නත් බැරි වුනා
සත්තකයි මම මගේ රන්කද මටත්
වැඩියෙන් පෙම් කලා.............
නිකිණි වැස්සට කදුළු මල් පෙති
බිම වැ‍ටුන මුත් දුක දරන්
මාව අතහැර යන්න ගියෙ
ඔබ මටත් මාවම නැති කරන්
කදුළු පමණයි මගේ
ලෝකයේ
සතුට දුර ඈතක ගිහින්
හුස්ම ගන්නට අරුත් ළග
                             නැහැ මට ජීවිතේ මලගම් ගිහින්...........................

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න


6 comments:

ටී.බී. හේරත් said...

විරහව ත් රසයක් ලු නෙ...

මංචි හැඟුම් said...

කාලම බලමු...............

ටී.බී. හේරත් said...
This comment has been removed by the author.
ටී.බී. හේරත් said...

රස බලන්න පුළුවන් කටෙං විතරක්ම නෙමෙයි...

මංචි හැඟුම් said...

කොහෙන් බැලුවත් දැනෙන්නෙ එක තැනකටනෙ.............

ටී.බී. හේරත් said...

වැරදියි, එක තැනකට නෙවෙයි දැනෙන්නෙ. විවිධ තැන් වලින් දැනෙනව, ඒව එක තැනකින් හඳුනගන්නව.


 
Twitter Bird Gadget