Pages

ආපසු ගමන

සිත පුරා අරක් ගෙන
හඩ පුරා පෙම් කෙරුව
නුඹ ගියා වෙනතකට
දමා මා නපුරු ලෙස..............
නිදි නොලැබ මා දෙනෙත
හැඩුව මුත් නුබ නමට
නෑ දු‍ටුවෙ මගෙ කදුළු
කුරිරු වුන නුබේ නෙත...........
මිලින වූ මලක් ලෙස
හුදෙකලා වූ හදට
පැන් බිදක් වී සිසිල්
ඔහු සැනසුවා මසිත............
දෛවයේ අනුහසින්
නැවත දු‍ටුවෙමි නුබව
පෙර දිනක දු‍ටු ලෙසින්
ආදරය පිරි නෙතින්..............
නමුත් නැත ඔබට ඉඩ
නුඹ පමා විය බොහොම
නැවත බැහැ ලබන්නට
ගෙවී ගිය ඒ දිනය.................

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

 
Twitter Bird Gadget