කදුළු මුතු කැට රත් කොපුල් යුග
තෙමා සුරතට වැටෙන්නේ
හෙලන සුසුමන් මිතුරු වීලද
පවන සැගවී හමන්නේ
ඉකි බිදින විට ගැහෙන දෙතොලග
නුබේ උණුසුම සොයන්නේ
කියා දෙනවද නුබේ කුසුමට
කෙලෙස මේ දුක දරන්නේ
සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න
Subscribe to:
Post Comments (Atom)
10 comments:
කියවූ විට මේ වදන් පෙල
සත්තයි කීරිගැහුනා මගෙ පපුව...
මටම ඉපදුන
මට අහිමි උන
කදුල ළං කල
ප්‍රේමයයි එය.....
ඒකත් නව නලු රසයන්ගෙන් එකක්නෙ...
ලොවට රහසින් විදින්නට හැකි නම් පෙම් රස
ලොවට රහසින් විදින්නට හැකි නම් එහි අම රස
සොයුර....රහසින් විදිය යුතුමයි උරුමවු නීරස
අවසන් වදන් පෙල හමුවේ ඔබගේ
පුදුමයි සොයුරිය ගොළු උනා මුව මාගේ
ගොළු වත හොදයි
දෙබසින් දුක වැඩි හන්දා
අනේ මන්දා
අනේ මන්දා
කියන කිවිදා
කරයි නින්දා
අනේ මන්දා
ඔබගේ වැකිය මගෙ හිත රැන්දූ හින් දා
ලියනට කවක් ආවේ නෑ සිතුවිලි රන් දා
ඒකයි ලීවෙ මං ලෙස අනේ මන් දා
දෝසය කැපෙන්නට මේං ලීව පද බන් දා
අහිතක් හිතුවාද මන්දා
මම එලෙස කියු හන්දා
මගේ කවි වැකි හින්දා
ඔබ සදහටම ගොලු වෙයිද මන්දා
Post a Comment