Pages

අහිමි හිමි.......



ඔබේ අහිංසක සිත් පොඩියට මම
මහ මෙරක් තරම් පෙම් බැන්දා
ඒ ලස්සන හිත හිමි කර ගන්නට
මදි වෙන්නැති මම පෙම් කෙරුවා
පෙර භවයක ඔබ මගේම වෙන්නැති
එනිසයි හිත ලෙන්ගතු මෙතරම්
ඒ භවයෙම මම ඔබ රිදවන්නැති
අහිමිව යන්නට ඔබ මෙලෙසින්
එකම මලකටයි පෙම් කෙරුවේ සිත
නොලැබුන මුත් ඒ මල සුවදයි
ඒ මල් සුවදම හිතින් දරාගෙන
හැමදාටම මම තනි වෙන්නම්


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

2 comments:

ටී.බී. හේරත් said...

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද මේ ලෙස සරදම් කරන්නේ
ඔබ නොව මමයි පෙර පින් කර නැත්තේ
එනිසයි මං මෙවැනි සරදම් විඳින්නේ....

මංචි හැඟුම් said...

මුදු සිනා සලන සදවත අහසේම ‍රැදුනා වේ
ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනා වේ
සිත ඈත අරන් යන විමනේ සදලු තලාවේ
කවුලු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ....


 
Twitter Bird Gadget