Pages

කදුලු කිරි පොවා
තුරුළේ සෙනෙහසින් හදා
කදුළු විල දිගේ
නොපෙනී ගියෙදෝ අම්මා
සත් පියුම් විලේ
විල මැද යළි පිපී දිලේ
දු‍ටු සද දරුවන් වෙත මවකගේ සෙනේ
මිහිකත වුව හඩා වැටේ
නිවන් මන් පෙතේ
ඔබ ගිය මන් ලකුණු පෙනේ
වඩින දා නිවන් පුතු සෙනේ වඩා
මා දෙස බලමි මට දැනේ
ඩබ්ලිව්.ඩී.අමරදේව

8 comments:

ටී.බී. හේරත් said...

පිය සෙනෙහසට කවු ගී ලියැඋනා මදී...

මංචි හැඟුම් said...

තාත්තා උනත් මා බත සරු කරන
අම්මා නුඹයි මගෙ
දරු දැරියන් රකින......

ටී.බී. හේරත් said...

අප්පච්චී අපෙ බුදුන් වඳිනවා ඇතුගල පෙනෙනා ඉමක ඉඳන්
අරුම දකින නෙත කඳුළු නැගෙයි මුදු වලාකුලේ හරි පරෙස්සමින්...

මංචි හැඟුම් said...

සුවද හාදු දුන් සතපාලා යහනාවේ මා හොවා
පින් සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා
ඒ දරුවකුගේ පණ වැනි උත්තම අම්මාගේ ආදරයයි

ටී.බී. හේරත් said...

අන්දර යායේ වැව් තාවල්ලේ සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී

මංචි හැඟුම් said...

අම්මා යන අකුරු තුනට හිදිමි සම වැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

ටී.බී. හේරත් said...

අම්ම හොඳයි කීවත් වැරදී
තාත්ත හොඳයි කීවත් වැරදී
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
දෙන්නම හොඳය කියා
                                        -සිරි අයියා-

මංචි හැඟුම් said...

දුකේදී හැඩුමට
සැපේදී සිනාසෙන්නට ළග ඉදන්
තවත් අම්මා කෙනෙකු වේ නම්
ඔබයි ඒ අම්මා
සොදුරියෙ
ඔබයි ඒ අම්මා


 
Twitter Bird Gadget