Pages



සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන්
කදුළු බිදක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත්
මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩු කම
හොද ළකුණක් නෙවෙයි
රණ්ඩු  කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී
ඉදින් ඉගිල්ලී
මම දෙයකට හා කිව්වම
 නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුණ නරක්
කරන් කාලෙ ගෙවයි
යළි මදහසක් හෙලා කියනා
දෙය නම් මට හැගෙයි
ලෙන්ගතු කම වැඩි වුනාම
මමත් ඔහොම තමයි

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

3 comments:

ටී.බී. හේරත් said...

වැඩි ආලෙ දබරෙටයි කියනවනෙ...

මංචි හැඟුම් said...

වැඩි දබරෙ.....
ආලෙටයි...........

ටී.බී. හේරත් said...

විලෝමය සත්‍ය නොවේ!


 
Twitter Bird Gadget