Pages

ළගින්ම ඉන්නම්...............


ඔයාට දවසක අඩන්න වුනොත් 
මට කතා කරන්න 
මම ඔයාව හිනස්‌සනවා කියල 
පොරොන්දු වෙන්නෙ නැහැ 
එත් මට පුලුවන් ඔයත් එක්‌කම අඩන්න...
ඔයාට දවසක හැමදෙයකින්ම ඈතට දිව යන්න ඔන වුනොත් 
මට කතා කරන්න 
මම ඔයව නවත්ව ගන්නවයි කියල
පොරොන්දු වෙන්නෙ නැහැ 
එත් මට පුලුවන් ඔයත් එක්‌කම දිවයන්න...
ඔයාට දවසක කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදි ඉන්න ඔන වුනොත්
මට කතාකරන්න
මම පොරොන්දු වෙනව 
බොහෝම නිශ්ශබ්දව ඔයගෙ ලගටම වෙල ඉන්නවයි කියලා...
එත් දවසක ඔයා මට කතා කලත් 
මගෙන් කිසිම පිලිතුරක්‌ නැති වුනොත් 
පුලුවන් තරම් ඉක්‌මනට මාව සොයන් එන්න 
සමහරවිට මට ඔයාව ඔන වෙලා තියේවි...

1 comment:

මංචි හැඟුම් said...

ලය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ..
කිම මා සොය මගෙ උදුවප් සද නාවේ........
හොදටම රිදී නෙතු දොරගුලු බිදුනා වේ..........
ජාතිත් ආදරෙයි නුබටම සුදු නෝනේ..........


 
Twitter Bird Gadget