Pages

අප හමූවූ වත් නොවුනත්
 කාලය ගත වී යනවා
අප තනි වූවත් නොවුනත්
ලොව එක සේ පවතිනවා
ලොව මල් පිබිදෙන්නේ
යළි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නෙත්
වෙන් වන්නට නම්
යලි වෙන් වන්නට නම්
  අප හමු වූවත්.......
පෙරුම් පුරා හමුවන්නෙත්
 දිගු කලෙකින්නම්
හමු වූවත් යළි සැනෙකින්
වෙන් වී යයි නම්
අප යලි තනි වේ නම්.......
ගායනය:ටී එම් ජයරත්න
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

10 comments:

ටී.බී. හේරත් said...

සැබෑ ලොවේ හැටි එහෙමයි...

Anonymous said...

ගෙවෙන කාලය මත ගෙවෙන ...
දිවෙන වේගය මත නැහෙන...
ගෙවෙන..කාලයද...
දිවෙන වේගයද...
වෙනස් නොකල හැකි නම්..
වෙනස් වෙන ලෝකයේ නොවෙනස් එකම දේ..
වෙනස නම්..
මගේ වෙනස් නොවන පපුව මත...
වෙනස් නොවන එකම දේ...
නුඹේත්- මගේත් පෙමයි...

ටී.බී. හේරත් said...

@ නිම්ශා
la tua poesia è bella come te.

මංචි හැඟුම් said...

හිස් අතින් පැමිණි හැකි
ගෙවා දුර ගමනේ.....
නුබේ ළග පමණක්ය
නවාතැන තිබුණේ..........

ටී.බී. හේරත් said...

නවතින්නට හිතගිය ඒ නවාතැනේ
පින් මදි උනාදෝ කළ පෙර සංසාරේ

මංචි හැඟුම් said...

කාටවත් නොදැනෙන්න සීරුවට ඔබ එන්න
පුරන් වූ හිත පුරා පෙම් පැතුම් වපුරන්න
මට මගේ හීනයේ තව තවත් ගුලි වෙන්න
ආදරේ ඇබින්දක් තියා පිටවී යන්න.........

ටී.බී. හේරත් said...

කාටත් සොරා මං එන්නම් සීරුව              ට
වේලුන ඔබෙ සිත් කෙත දුක් නියඟය         ට
හසරැල් දියෙන් තෙමලා ආයෙත් හොඳ      ට
වපුරන්නම් එහි පෙම් බිජුවට පේලිය          ට

මංචි හැඟුම් said...

හිනැහෙන්නම් සැමදා
හඩවන්නෙ නැති නම්
ළග ඉන්නම් සැමදා
දුර යන්නෙ නැති නම්
සතුට දෙමි සැමදා
දුක උරුම නැති නම්
ඔබේ වෙමි සැමදා
අන්සතු වෙන් නැති නම්

ටී.බී. හේරත් said...

හඬවන්නට තරම් ඔබව නෑ මගෙ හිත හයිය
දුර යන්නට ඔබ තනිකර බෑ කියනව මගෙ පා යුග
දුකක් උරුම කරන්න කොහොමත් ඉඩ දෙන්නෑ මගෙ තුන්හිත
අන්සතු වෙන්න බැරි බව පවසයි මගෙ සියොලඟ

මංචි හැඟුම් said...

දෑස් පියා බලා සිටිමි
ඔබෙ රුව මා නෙතේ ඇදෙයි
සිහිනෙන්වත් යන්න එපා
මට තනිකම බොහොම දැනෙයි


 
Twitter Bird Gadget