Pages


සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් ‍රැළි ඔබ තනිව හිදි වේලේ
නිහඩ මා හද සනසනා
ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමු නොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා
සිහිනයකි ඔබ.........
යුග ගණන් අප වෙන්නව ආ මග
සොදුරු නිම්නෙක එක් වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා
හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියා වේ
යළිදු අප ඇත ළං වෙලා


ගායනය :බණ්ඩාර අතාවුද සමග නෙරන්ජලා සරෝජනී
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

11 comments:

ටී.බී. හේරත් said...

කියන විදියටම සිද්ධවෙන්නෙ නැති එක තමා ගැටළුව...

මංචි හැඟුම් said...

සයුරක් දෙස බලා සොයුර.......
නොසසදන්න දිය උල්පත..........

ටී.බී. හේරත් said...

අමතන විටදි ඔබ මේ අයුරින් මට සොයුරී
හිරිගඩු පිපෙනවා සත්තයි මගේ සියොලගෙහී...

මංචි හැඟුම් said...

හිරුට.....

ඔබ දුරින් ඉන්න ඔහොම
ලං වෙන්න බැහැ
මම දන්නව
පිච්චෙන බව

ටී.බී. හේරත් said...

කිවුවට කමක් නෑ ඔයවැනි කවි පමනක් හිරුට
පිච්චෙන එකේ සැකයක් නෑ ලං වූවොත් හිරුට

මංචි හැඟුම් said...

පිච්චෙන බව දන්න නිසා ළන්වී හිරුට
සැකයක් නැතිව හැරුනා මම සදු වෙතට

මංචි හැඟුම් said...
This comment has been removed by the author.
ටී.බී. හේරත් said...

සඳුගේ කිරණ නම් කවදත් සිසිලයි
කොතරම් කිට්ටු වූවත් තව තව සිසිලයි

මංචි හැඟුම් said...

නොදු‍ටු පස...........

නුඹ හරියට
මාසෙකට වතාවක්
අහසට අවිදින්
දවස ගානෙම වෙනස් වන
මුලු ලෝකෙටම එළිය බෙදන
චපලම චපල
හද වගේ.......

ටී.බී. හේරත් said...

ඇසෙනා විටදි ඔබෙ මේ හුරතල් වචන
මගෙ සිත මා දමා යනවා ඔබ සමඟ...

මංචි හැඟුම් said...

සමනලියකගේ පෙම..........


ඔය තරම්
අතගෑවොත්
ආදරේට.......
මීට පස්සෙ
බැරිවෙයි
ඉගිල්ලෙන්න
මට......


 
Twitter Bird Gadget