Pages

සුළග වගේ...........


තරු වැට ළග වාඩි වෙලා
පුර හද ඉකි ගසන ‍රැයේ
ඔය ඇස් ගැන මම ලිව්වා
මගෙ ලස්සන හීන පොතේ
කලබලයක් නැතිව දුවන්
ඇවිදින් සිල් බිදින සිතේ
රත්තරනේ ඔබ හරියට
සෙංකඩගල සුළග වගේ

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

6 comments:

ටී.බී. හේරත් said...

දොඩමළු වන්න ආරාධනයක් එව්වා Gතැපෑලෙන් මම
ඔබ එය පිළිගන්නවානම් සතුටුයි මම ඉඳුරාම

මංචි හැඟුම් said...

දොඩමලු වෙන්න හිතලා Gතැපෑලෙන්
පිලිගත්තෙමි ඔබව හද පිරි සන්තෝසෙන්

ටී.බී. හේරත් said...

සිටියේ නෑ නිවසේ පසු ගිය දවස් ව          ල
තිබුනේ නෑ සිටි තැන්වල අන්තර්ජා         ල
දුටුවේ දැනුයි ඔබ පිළිගත් බව Gතැපෑ       ල
බොහොමත් ස්තුතියි පිලිගත්තට Gතැපෑ   ල

මංචි හැඟුම් said...

ඇරයුම් කලා ඔබ මට Gතැපෑලෙ න්
පිලිගත්තෙමි මමත් ඔබ සන්තෝසෙ න්
අහලා දැනගන්න ඔබ ඉන්නවද හොදි න්
කීමට හැකිද ඔබ එන වේලාව ONLIN E

ටී.බී. හේරත් said...

බොහොමත් ස්තුතියි මම ඉන්නවා හොඳි                     න්
සිතනව ඔබත් ඉන්නව කියල හෙඳි                            න්
උදේ අටට කලිනුයි හවස හතරට පසුයි නියතයි ඔන්ලයි  න්
බොහෝ විට මං දවසම ඉන්නව ඔන්ලයි                     න්

මංචි හැඟුම් said...

කීවත් ඔබ දවසම ඉන්නව කියා ඔන්ලයින්
ඇත්තට අද තමයි හමු වුනෙ ඔබව ඉතින්
හැමදම අටට පෙර සහ පසුව හතරෙන්
බොහෝ දුරට මම ඉන්නෙත් ඔන්ලයින්


 
Twitter Bird Gadget