Pages


කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඩ දෙන්න
නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නෙ එන්න ඇසේ කැළුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න
ගලන ගගට රළ නගන්න ඔබෙ කදුළැලි දෙන්න
ඉරට හදට එළිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වලා සළු එළන්න ඔබෙ කෙහෙ‍රැළි දෙන්න
දේදුන්නක හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න
තන නිල්ලට ඔබෙ දෙපතුලෙ මොලකැටි බව දෙන්න
නල ‍රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජීවත් වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
එපා මැණික සිත පමණක් කිසිවෙකුටත් දෙන්න


ගායනය වික්ටර් රත්නායක
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

11 comments:

ටී.බී. හේරත් said...

වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය කර්ණ රසායනයක් බඳුය

මංචි හැඟුම් said...

ජීවත් වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
එපා මැණික සිත පමණක් කිසිවෙකුටත් දෙන්න

ටී.බී. හේරත් said...

මට ද කීවෙ?

මංචි හැඟුම් said...

නෑ කුරුල්ලෙකුට කීවෙ.........

ටී.බී. හේරත් said...

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ් දෙන්න

මංචි හැඟුම් said...

තරු අකුරු කර කවියක්
ලියන්නට මට සිතුනා
මගේ කවි සිත රහසේ
නුබ ‍රැගෙන ගොස් තිබුනා

ටී.බී. හේරත් said...

සුළු පටු නෑ ඔබ මට අදිනා අංචි
මගෙ මුළු සිතම පැහැර ගත්තේ ඔබ මංචි

මංචි හැඟුම් said...

කවි පොත පුරා මගෙ මේ මන්චි සිතුවිලී
නිරතුරු ගෙතුවෙ ඔබ පමනයි කවි නැළවිලී
කරුනක් කියන්නද අහනවද නැතිව ගෙරවිලී
එක තරුවක් වෙන්න මට නොනිමී දිලී

ටී.බී. හේරත් said...

පුදුමයි ඔබගෙ කවි පොත මට හමු උන අයු             රු
නිකමට පියනැඟුවෙ බලනට මොනවද තොරතු        රු
ඒ බැල්මෙන්ම දැනුනා ලෙස පෙර සසරේ පුරුදු හු    රු
තරුවක් වෙමි ඔබට කිසිදා නොම වන අඳු              රු

මංචි හැඟුම් said...

පෙර භවයක ඔබ මගේම වෙන්නැති
එනිසයි හිත ලෙන්ගතු මෙතරම්
ඒ භවයෙම මම ඔබ රිදවන්නැති
දුරින් හිදින්නට මට මෙතරම්

මාරයාගේ හෝරාව said...

අද තමා මෙතනට ගොඩ උනේ..මංචි..?
මැලිබනුත් හොයලා බලන්න ඕන


 
Twitter Bird Gadget