Pages

ඉතින් මම තනිවේද.......


එකම එක මොහොතකට
මගෙ ළගට ළං වෙලා
දුකම දුක කතාවක
මුල අකුරු මුමුණලා
තෙතම තෙත කදුළකින්
මගෙ දෑස පුරවලා
දුරම දුර ඉගිලෙන්න
ඒ කදුළ මට තියා
මගෙ සිහින කතාවේ
සුදු සිහින කුමරුනී
මල් පිපෙන හැම විටම
නුබෙ සුවද දැනේවී
තරු අතර රෑ පුරා
නුබෙ දෙනෙත පෙනේවී
ඉතින් මම තනිවේද
දසත නුබ සිටිද්දී

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

8 comments:

ටී.බී. හේරත් said...

ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක් ත            මා
අප්‍රිය ඇසුර ඊටත් වැඩි දුකක් ත              මා
පිවිසෙන තෙක්ම අම නිවනට කෙලෙස් න  මා
සිදු නොම වන්න වඳිනෙමි මම සිරස න     මා

මංචි හැඟුම් said...

ආදරය කවියෙකුට ගීතයකි
සිතරෙකුට කලාවකි
ලේඛකයෙකුට ග්‍රන්තයකි
මිනිසෙකුට ප්‍රෙහේළිකාවකි

ටී.බී. හේරත් said...

කරුනක් වැටහුනා යන විට ඔබෙ ලිපි අත  ර
කිසිවක් ඔබ ලියා නෑ පහු ගිය දාහත        ර
මෙතරම් කවි ලියන ඔබ පිලිබඳ ආදර      ය
විදුලිය වත් ඇණහිටියද කාරණ              ය

මංචි හැඟුම් said...

අමතක නොවන දිනයක් මට දා හත ර
ආදරයක් නිසා නොදන්න කල හය හත ර
පෑනට වඩා රළු විය කදුලු නෙතු අත ර
හදහවත ඇණ හිටීමයි හේතුව මිතු ර

ටී.බී. හේරත් said...

අහලා කරුණු නවතින්නට ඔබෙ හදවත වුනු හේ         තු
සත්තයි උනා මගෙ හදවත හොඳටම පත්                  තු
සනසා ගන්න ඔබෙ සිත මං එවනව තොත්                තු
අමතක වෙන්න ඕවා කමු බණ්ඩගෙ කඩයෙන් කොත්   තු

මංචි හැඟුම් said...

කාලා ඇතැයි සිතනව මම ඔබ කොත්තු
විදලා ඇති බවද සිතනෙමි ළදකගෙ තොත්තු
එක රස බව හැගෙයි නම් කොත්තු සහ තොත්තු
තොත්තු කියා විද ඇත්තෙත් ඔබ කොත්තු

ටී.බී. හේරත් said...

කාලා තියනවා මම ඉඳහිට කොත්              තු
කිසිදා විඳල නම් නෑ ළඳකගෙ තොත්          තු
රස සසඳන්න මං දන්නෑ හැටි රසයේ තොත්   තු
එබැවින් දෙන්න තොත්තුවේ රස ගැන ඔත්     තු

මංචි හැඟුම් said...

සතු‍ටුයි කා ඇති බව දන ගත්තම කොත්තු
සතු‍ටුයි විදල නැති එක ළදකගෙ තොත්තු
කෙලෙසද දෙන්නෙ තොත්තුව ගැන මම ඔත්තු
විදලම බලල කිවමැන වෙනවද පත්තු


 
Twitter Bird Gadget