Pages

මිතුරු සුසුම්..............

කදුළු මුතු කැට රත් කොපුල් යුග
තෙමා සුරතට වැටෙන්නේ
හෙලන සුසුමන් මිතුරු වීලද
පවන සැගවී හමන්නේ
ඉකි බිදින විට ගැහෙන දෙතොලග
නුබේ උණුසුම සොයන්නේ
කියා දෙනවද නුබේ කුසුමට
කෙලෙස මේ දුක දරන්නේ


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

10 comments:

ටී.බී. හේරත් said...

කියවූ විට මේ වදන් පෙල
සත්තයි කීරිගැහුනා මගෙ පපුව...

මංචි හැඟුම් said...

මටම ඉපදුන
මට අහිමි උන
කදුල ළං කල
ප්‍රේමයයි එය.....

ටී.බී. හේරත් said...

ඒකත් නව නලු රසයන්ගෙන් එකක්නෙ...

මංචි හැඟුම් said...

ලොවට රහසින් විදින්නට හැකි නම් පෙම් රස
ලොවට රහසින් විදින්නට හැකි නම් එහි අම රස
සොයුර....රහසින් විදිය යුතුමයි උරුමවු නීරස

ටී.බී. හේරත් said...

අවසන් වදන් පෙල හමුවේ ඔබගේ
පුදුමයි සොයුරිය ගොළු උනා මුව මාගේ

මංචි හැඟුම් said...

ගොළු වත හොදයි
දෙබසින් දුක වැඩි හන්දා

ටී.බී. හේරත් said...

අනේ මන්දා

මංචි හැඟුම් said...

අනේ මන්දා
කියන කිවිදා
කරයි නින්දා
අනේ මන්දා

ටී.බී. හේරත් said...

ඔබගේ වැකිය මගෙ හිත රැන්දූ හින්      දා
ලියනට කවක් ආවේ නෑ සිතුවිලි රන්    දා
ඒකයි ලීවෙ මං ලෙස අනේ මන්          දා
දෝසය කැපෙන්නට මේං ලීව පද බන්   දා

මංචි හැඟුම් said...

අහිතක් හිතුවාද මන්දා
මම එලෙස කියු හන්දා
මගේ කවි වැකි හින්දා
ඔබ සදහටම ගොලු වෙයිද මන්දා


 
Twitter Bird Gadget