Pages

මගෙ සපු මල..........


දොඩමලු වන දෑස් වලින්..
මට සෙනහස කියාදුන්න..
මගෙ සපු මල දෙතොල් විදා..
ඒ සෙනෙහස කියා යන්න..
එතකොට මට පුලුවන් වෙයි...
ඔබ නැති දුක දරා ගන්න....
නෙත් කැල්මෙන් වචන දුන්නු..
මට කවියක් ලියා ගන්න..
මගෙ සඳ...
රන් පත් ඉරුවක
මට සෙනෙහස ලියා දෙන්න...
එතකොට මට පුලුවන් වෙයි
තනියට එය තියා ගන්න.....

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

5 comments:

ටී.බී. හේරත් said...

රන් පත්තිරු තියාගන්නෙ - පරිස්සමෙන් දැන් කාලේ

මංචි හැඟුම් said...

වටිනාකම දැනේවි නම් රන් පත්තිරුවක
‍රැකේවි එය හැමදාමත් පණනල විලසට.......

ටී.බී. හේරත් said...

වටිනා කම හැමදේකම මුදලින් දෙන මේ කාලේ -
රන් පත්තිරු මුදල් වලට නොම දෙන්නේ කවුරුද රාලේ

මංචි හැඟුම් said...

කාටත් නොදෙන නොපෙනෙන හදවත කොනක.......
මගෙ පත්තිරුව සගවා ඇත ලස්සන තැනක.....
වටිනා කියන සැමදෙය අහිමිවු කලක..........
රන් වන් මුතු මැණික් කුමකට මගෙ ලොවට.......

ටී.බී. හේරත් said...

වටිනා කියන කිසිවක් ලොවැ නැති වූ කලෙක
ඔබ රැකි පත්තිරුව ලොවටම අමිලයි නේද


 
Twitter Bird Gadget