Pages

පෙර සසරෙන් ආ දේවල්.......

කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්ත කම්..............


ඉර කියන්නෙ අත් අරින්න අපේ සබඳකම්

සඳ කිව්වෙත් එපා කියල මේ හිතවත් කම්

මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත් කම්

ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත් කම්..........


ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්

ගසුත් වැලුත් හමා යන්නෙ දෙවමින් අවමන්

මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නුපුරු කම්

ඇළ දොළ ගහ කොළ දන්නෙත් අපෙ මනුස්ස කම්...........

1 comment:

සංකල්ප said...

ලස්සන කවි සංකල්පනාවක් !!!

මේ කමෙන්ට් බොක්ස් එක පෝස්ට් එක පහලින් එල්ලන වැඩ පිලිවෙලක් නැද්ද... ? ඒක ගොඩක්ම ලේසියි. මන් පොප් අප් බොක්ස් ඩිසේබල් කරලා තිබ්බා නං කමෙන්ට් කොටනවා බොරු ! :)


 
Twitter Bird Gadget