Pages

අනේ ඔබ දන්නේ නැහැ ... සිහින දකිනා තරම .....

අනේ ඔබ දැක ගන්න ... තුරුලේ හිඳ සැනසෙන්න
පපුතුරේ හිස හොවා ... ආදරේ විදගන්න

දෙපා පොඩි ඔසවලා ... ඔබේ නළල සිප ගන්න

බඳ වටේ අත් යවා .... ඔබට තව ළංවන්න ....

දුරින් හිඳ හෝ නොවේ ... ළඟට වී සැනසෙන්න

අනේ ඔබ දන්නේ නැහැ ... සිහින දකිනා තරම .....

මට බයයි ඔබ අඩයි ... දෑසේ රත දුටුවාම

අනේ ඔබ තව දැවෙයි ... හදේ ගිනි දුටුවාම ....

මේ දෑසේ කඳුලු වැල් .. සිදී වියලෙන තුරුම

හදේ ඇවිලෙන ගින්න ... නිවි පහන් වන තුරුම ...

ටිකක් කල් දෙන්න මට ... ඔබේ තුරුලට එන්න

එතෙක් ඉවසා ඉන්න ... හැකි නේද පවසන්න ...

3 comments:

Amila Chathuranga said...

අනේ පවු එයා අරයා ඉක්මන්ට ලැබේවා..

සංකල්ප said...

ඉක්මනටම ලැබේවා !!!! ඒස්වාහ්ඃ පුඃ !!

දැනුම said...

ඹයා‍ට පුලුවන් ඉන්න එනකම්


 
Twitter Bird Gadget