Pages

ඔබ වටිනවා මට තාමත්....


සඳ වට කර තරු තිබුනත්
නිල් අහසම තනි මැකුවත්
ඔබ වටිනවා මට තාමත්
මහමෙරකට වැඩි තරමක්.....

කතා කියන තරු දෑසත්
සිප සනසන මුදු දෙතොලත්
දන්නේ නෑ ඔබ තාමත්
මේ හද පාරන තරමක්....

තියාගන්න හිස පොඩ්ඩක්
දුන්නොත් උරහිස මොහොතක්
මගේ හිතට එය සිසිලක්
කියාගන්න බැරි තරමක්....

4 comments:

Amila Chathuranga said...

උරහිස පොඩ්ඩක් දෙන්නනං පුලුවං ඒත් සදහටම තියන්න ඉන් පස්සෙ ලයිසන් ඉල්ලන් එනවානේ....

නන්ඳු said...

මගේ හිතට එය සිසලක්
කියාගන්න බැරි තරමක්..!

ආදරණීය කවි පෙලක්..
ලස්සනයි මංචි ගොඩක්..!

Pasan said...

කාලෙකින් මේ පැත්තට ආවේ..

මංචි හැඟුම් said...

@ අමිල :- ඔයා වගේ තාවකාලිකව උරහිස දෙන්න එන කොල්ලො නිසා තමයි අද ගොඩාක් කෙල්ලො දුක් විදින්නෙ...කෙල්ලෙකුගෙ සැනසිමට සදාකාලිකවම උරහිස දෙන්න පුළුවන් පිට කොන්දක් තියෙන කොල්ලෙකුට විතරයි.කෙල්ලෙක් කොල්ලෙකුගෙ උරහිසක් පතන්නෙ ඔළුව උස්සගෙන ඉන්න බැරි කමකට නෙවෙයි.හිතේ බර උහුලන් ඉන්න බැරි කමට.කරුණාකරල කවියක් රස විදින්න බැරි නම් ඒක හෑල්ලුවට ලක් කරන්න එපා මේ විදියට.


 
Twitter Bird Gadget