Pages

නුඹට දැනුනෙ නෑ මගෙ දුක....

බින්දු බින්දු මල් වැස්සට
ආස වුනේ හිත ඉස්සර
නුඹ ගියදා වට වැස්සට
කදුළු පෙනුණෙ නෑ පිටතට....

හිනාවෙන්න හිත හැදුවට
හිනා ආවෙ නෑ මුවගට
ලොවට හොරා හැඩූ හන්දම
නුඹට දැනුනෙ නෑ මගෙ දුක....

තාමත් ඉද හිට වැස්සට
නුඹ එන්නේ ඇයි මතකෙට
වහන් වෙලා මගෙ හිත යට
කදුළු දෙන්නෙ ඇයි නෙතගට....

5 comments:

Rasika Kariyawasam said...

අගෙයි !

විමුක්ති said...

කාලෙකින් ඇවිත්...

මංචි හැඟුම් said...

ජීවිතය මැදි ෙවලා සිතුවිලි වැලකට
සිතුවිලි හිරෙවලා රස්සාව මැද්දට
කාලය හැංගිලා උෙද් රැය අස්සට
නිදහසක් දැන් නෑ පවා මෙග හුස්මට...

අළුත් මල්ලි said...

අපූරු කවක්....

... said...

lassanai


 
Twitter Bird Gadget