Pages

හුස්ම නුඹේ ආදරයයි හැගුනා.....

අහසෙ සොදුරු සද දිළෙමින් තිබුනා
තරුව වෙලා මම නුඹ ළග  ‍රැදුනා
හීන ලොවක මිස සැබෑ ලෝකයක
නුඹ මාගෙන් දුර ඈතක ඇදුනා...

මගේ ජීවිතේ නුඹ බව දැනුනා
හුස්ම නුඹේ ආදරයයි හැගුනා
මගෙ පණ නුඹ මා හැර ගිය දවසක
ජීවිතයක් තව නැති බව දැනුනා....

එක් වන්නට බැරි බාධක තිබුනා
‍රැක ගන්නට තව බොහො දේ තිබුනා
අත් හරින්න හිත නැතත් නුඹේ පෙම
මගෙ අතින් ගිලිහී ගොස් තිබුනා....

3 comments:

Malaka Gallage said...

හරිම ලස්සනයි.

මංචි හැඟුම් said...

ස්තූතියි යාළුවේ....

ගිමන් නිවන්නා said...

අපූරුවට ලියල තියනවා


 
Twitter Bird Gadget