Pages

පාරමිදම්...

කොයි තරම් හිත
රිද්දුවත් මගේ
ඔයා ගැනමයි
හිතන්නෙ
මේ තරම් හිත
නපුරු කරගෙන
ඔයා කොහොමද 
හිදින්නේ .....


දන්නවා මට
අයිති නැති බව
ඒත් හදවත 
ගැහෙන්නෙ
රජුණි නුඹ ගැන
විතරමයි මම
පාරමිදම් පුරන්නෙ


අවිශ්වාසය 
හිතේමයි නුඹේ
ඒත් හිත නැහැ
රිද්දෙන්නෙ
කවමදාහරි
හිතෙයි මා ගැන
එතකොටයි 
දුක දැනෙන්නෙ

3 comments:

විමුක්ති said...

එතකොටයි දුක දැනෙන්නේ,,ඒමොකද..

බට්ටි said...

'කවමදාහරි
හිතෙයි මා ගැන
එතකොටයි දුක
හිතෙන්නේ දුක දැනෙන්නේ '
මට හිතෙන්නේ එයාට ඔයා ගැන හිතද්දී ඔයා එයාගෙන් දුර ගිහින් එතකොට එයා පමා වැඩී.එකනිසයි ඔයා කියලා තියෙන්නේ දුක හිතෙයි කියලා. මට හිතුන දේ හරිද?

මංචි හැඟුම් said...

ඇත්ත බට්ටි....හිත හරියට වීදුරුවක් වගෙයි.බිදුනම කෝම එක්තැන් කරන්නද.....?


 
Twitter Bird Gadget