දුක් වේවි ඔබ දිනෙක
මා අතැර ගිය පවට...
වැළපේවි නිසැකවම
වියෝ ආදර දුකට...
කිසිවෙකුත් නැත මෙලොව
මා තරම් ඔබෙ හදට...
යළි ඒවි නිසැකවම
එය පසක් වූ කලෙක...
දහසකුත් කදුළු පොදි
වගුරුවා සයන මත...
දැඩි කලෙමි දිරි අරන්
බිදී ගිය මගේ හද...
සැනසීම අත ළගය
මා තැනුව ඔබ නැතිව...
එපා යළි පැමිණෙන්න
සසර සරණා තුරුම...
1 comment:
well done.keep it up
Post a Comment