Pages

තනුව අහිමි වූ කවිය ..............


රැදෙනු බැරි බව දැන දැනත්
ගග මන්ද ඉවුරට ලෙන්ගතු වුනේ
සිතිජ ඉම හමුවී හඩන්නද
අහස සයුරට ඉගි කලේ
අමාවක බව පෙනි පෙනී ‍රැය
සද මලටදෝ මග බැලූයේ
තනුව අහිමි වූ කවිය ගයනට
කිමද පදවැල් ඇමිණුවේ
සුසුම් අහුරක බර දරන්නද
කදුළු බින්දුව දිලිහුනේ
අහිමි වන බව දැන දැනත් ඔබ
ඇයිද මේ හැටි පෙම් කලේ

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

2 comments:

ටී.බී. හේරත් said...

'තනුව අහිමි වූ කවිය ගයනට
කිමද පදවැල් "ගැලපුවේ"' කීවොත් ලස්සනයි ව්ගේ, "ඇමිණුවේ" කියන වචනය එතෙන්ට ටිකක් හරි මදි වගේ. නමුත් අනෙක් පද පේලි වලිනුත් ඒ පද පේලි වලට යටින් දිවෙන අරුතෙනුත් ඒ අඩුව සම්පූර්ණ වී ඇති බව නම් කිව යුතු මැයි...

මංචි හැඟුම් said...

ඒ අදහසත් හොදයි.....
නමුත්.....
ගලපනවට වඩා
අමුණන එක හරි සීරුවට කරන්න ඕනෙ වැඩක්
පද වැල් ගලපපු කෙනෙකුට වඩා
පදවැල් අමුණපු කෙනෙකුට
ඒ පද වැල් අමතක කරන්න අමාරුයි.........


 
Twitter Bird Gadget