Pages

අපරාදෙ......................

මං දැන්ම මැරෙන්නද...........?
ඔබට දුක හිතේවි
දෙනෙත් යුග තෙත් වේවි
උණු කදුළු වැටේවි
මගේ නම කිය කියා
ඉකි ගසා හඩාවි
මගේ දෙණ ළගට වී
නොසෙල් වී හිදීවි
සුදු පැහැති සළු පිළෙන්
ගත වසා ගනීවි
දින දෙකක් හෝ තුනක්
බත් නොකා හිදීවි
හත් දොහේ දානෙ දී
කඩිසරව හිදීවි
මං ආස කල කෑම
හැම එකම තියේවි
යහළු මිතුරන් සමග
සිනාසී දොඩාවි
තව කන්න තව කන්න
නෑයින්ට බෙදාවි
තුන් මාසෙ ගත වෙද්දි
මතක නැති කරාවි
අපරාදෙ මන් මැරුනෙ
කියා මට සිතේවි

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

2 comments:

ටී.බී. හේරත් said...

අපි හැමෝම කොයි වෙලේ හරි මැරෙනවාමයි. මරනය අපරාදෙ කියල හිතෙන්නෙ ජීවිතයෙන් උපරිම ඵල නෙලාගත්තෙ නැති උනොත්. ඒ නිසා පසුතැවිලි නොවෙන්න අවශ්‍ය වැඩ කටයුතු නොපමාව සිද්ධ කරන්න.

මංචි හැඟුම් said...

සාදු සාදු සාදු.............


 
Twitter Bird Gadget