Pages

කිරිල්ලියක් වෙන්න හිතයි....................


තරු කැකුළක් වෙන්න හිතයි ...
රෑට සඳට තනි රකින්න...
මල් කැකුළක් වෙන්න හිතයි...
හිරුට ළගින් තනි රකින්න...

දේදුන්නක් වෙන්න හිතයි...
වහින අහසෙ තනි රකින්න..
මහ වැස්සක් වෙන්න හිතයි...
පොළව ඇවිත් සිඹලා යන්න...

කිරිල්ලියක් වෙන්න හිතයි...
කුරුල්ලෙකුට තනි රකින්න...
නින්ද වෙලා එන්න හිතයි...
නුඹේ ඇසක් යට නිදන්න...

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

8 comments:

පබලු said...

ලස්සනයි....

නුඹේ කවි කියවන්න හිතයි
හැමදාමත් ඇවිත් ඔන්න..

ටී.බී. හේරත් said...
This comment has been removed by the author.
ටී.බී. හේරත් said...
This comment has been removed by the author.
ටී.බී. හේරත් said...

ගීයක් වැනිය මේ කවි වල පද පේලී
මීයක් වැනිය එහි ගලනා අදහස් පේලී
හීයක් වැදිල පෑරිල නොවැදැයි ඔබෙ හද යෙහෙලී
සීයක් කවි ලියාපන් දුරුවන්නට හද සෝලී

මංචි හැඟුම් said...

පොඩි දේටත් කදුළු උනන
මගෙ ඇස් දෙක කියවගන්න
නුබට ඇහැකි නම් ඇවිදින්
මගෙ හීනෙට තුරුලු වෙන්න

ටී.බී. හේරත් said...

පුන්චි දෙයක් වත් නොවන්න ඔබෙ දෑසට කඳුලු උනන
කඳුළු පිසල ඔබෙ දෑසේ ආයෙත් කඳුලක් නො එන්න
සිනහ මලින් සරසන්නට සැමදාටම ඔබෙ සිහිනය
මට ඇහැකියි තුරුලු වන්න හැමදාටම ඔබෙ සිහිනෙට

මංචි හැඟුම් said...

පෙම් සිනා මා දෙනෙත් අබියස බොද වෙලා පෙනුනා
දෑත් විහිදා තුරුළු කරනට වරම් මට නැතුවා
නිසල වන්නට හදන හැම විට සිත හඩා වැ‍ටුනා
අහසින් පිනිදිය යදිනා මොහොතක අහස කඩා වැ‍ටුනා

ටී.බී. හේරත් said...

"අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ. ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න."
                                                                                                                 -බිල් ගේට්ස්-


 
Twitter Bird Gadget